59 🚫

223 15 17
                                    

Content warning
🔞 බව කරුණාවෙන් සලකන්න. එවැනි content කියවීමට අකමැති අයෙක් නම් කරුණාකර ෆ්බී අප්ඩේට් එක පමණක් කියවන්න.

" ඔබට පැවරෙන කාර්‍යයන් නිසි ලෙස ඉටු කරන්න. මේ මායාවන් සඳහා අවශ්‍ය ඕනෑම දෙයක් මුහුදු පතුළෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය පිරිස ඔබට ලබාදෙනවා. ඔවුන්ව විනාශ කිරීමට අප හා එක්වන්න." වෙස් මුහුණු පැළඳි රුව අඳුරු කුටිය තුළ සිට පවසද්දී දම්වැල් වලින් බැඳ දමා සිටි නිෂ්ටා අපහසුවෙන් ඒ රුව දෙස බැලුවා.

" ඔබ කවුද? ඇයි මා මෙහි රැගෙන ආවේ?" නිෂ්ටා රළුව ගිය හඬින් වදන් එක් කළා.

" ඔබෙත් අපෙත් ඉලක්කය එකක්. එනිසා අප පවසන ලෙස ක්‍රියා කළහොත් ඔබට ජීවිත දානය ලැබෙනු ඇති." එසේ කියූ රුව කුටියෙන් පිටවුණා. අඩ අඳුරේ වුවත්, ලෝගුවෙන් නිරාවරණය වූ, අත පැළඳි පළඳනාවක් නිෂ්ටාගේ නෙත ගැටුනා. තමන් එය යම් තැනක දී දුටු බව ඇය තරයේ විශ්වාස කළා. මායාවක් මගින් හඬ වෙනස් කළ කතා කළ මේ සැඟවුණ අමුත්තා කවුරුන්ද... ඇය අඳුරේම කල්පනා කරන්නට වුණා.
.
.
.
.
එනිඩ් ජල ලොවෙහි තත්ත්වය එසේ වෙද්දි අනෙක් ලෝකවල කුමර කුමරියන් එකිනෙකාගෙන් සමුගෙන තම තමන්ගේ ලෝක කරා පිටත්ව යන්නට යානා අංගනයට රැස්ව සිටියා. ඒ වෙද්දිත් ඩ්‍රයිඩන් සහ කැමීලියා ප්‍රධාන නොවෙන්ඩ්‍රා යානාවකින් උදෑසනම පිටත්ව ගොස් තිබුණා.

මිතුරියන් තිදෙනා යළිත්වරක් එකිනෙකා වැළඳගත්‍තා.

" සියල්ල ඉක්මනින් විසඳේවි. අප අපගේ උපරිමය මේ සටන වෙනුවෙන් ලබාදෙමු" සෙලීන් කියද්දී අවුරෝරා එය අනුමත කළා.

" අවුරෝරා , අප පිටත්ව යා යුතුයි " සයිරස් ගේ හඬින් වැළඳගැනීමෙන් මිදුන අවුරෝරා ඔහු දෙසට කෝපය මිශ්‍ර බැල්මක් පා කළත් , එය ඔහුට දැනුන බවක් හෝ ඔහු පෙන්වූයේ නැහැ.

" යන්න අවුරෝරා, අප අනිවාර්යයෙන් යළි හමුවේවි." ඇස්ට්‍රියා කියද්දී අවුරෝරා ඇයටත් සෙලීන්ටත් සිනහවකින් සංග්‍රහ කළා.

" අප යළි හමුවිය යුතුමයි... " අවුරෝරා එසේ කියා ඔවුන්ගෙන් වෙන්වුණා.

" ඇස්ට්‍රියා , ඔබ කැසෙන්ඩ්‍රාවේ ප්‍රවේසමෙන් ජීවත් වන්න. ඔබේ හදවත යළි යළිත් බිඳෙනවා බලා හිඳින්නට අප දෙදෙනාටම නොහැකියි." සෙලීන් ඇස්ට්‍රියා ට සමුදෙමින් කියද්දී ඇය නිහඬවම ඊට එකඟ වූවා විනා, ඉන් එපිටට යමක් පවසන්නට උත්සහ කළේ නැහැ. තමන් කැසෙන්ඩ්‍රාවේ ඔටුන්න හිමි කුමරුන්ගේ උප භාර්‍යාව බව කැසෙන්ඩ්‍රාවේ රාජ්‍ය සභාවෙන් අනුමත කර පිළිගෙන ඇති බව පවසන්නට මෙය සුදුසු අවස්තාව නොවන බව ඇය දැන සිටියා.
.
.
.
.
දිවා කාලය වුවත්, අඩ අඳුරක් සමග අවට පරිසරය මද උණුසුමකින් පිරී ගියේ කැසෙන්ඩ්‍රාවේ ප්‍රධාන නගරයට බටහිරින් වූ ඔනික්ස් ගිනි කන්ද වසර පහකට පසු යළි සක්‍රියව තිබූ නිසා. සුළඟ සමග මිශ්‍රව අළු විසිර යද්දී ශ්වසන අපහසුතා ඇති රෝගීන් කැසෙන්ඩ්‍රාවේ සුව කිරීමේ අංගනයට වරින් වර පැමිණියා. එවැනි තත්ත්ව සඳහා ඔසු නියම කරන්නන් ප්‍රතිකාර සැපයූ නිසා ඇස්ට්‍රියා වෙත එහි වගකීම් පැවරුණේ නැහැ.

🌓 දූවිලි තාරකා 🌓 [COMPLETED]Where stories live. Discover now