13

101 14 6
                                    

මද සීතලක් සමග සුළඟක් හමා යන්නට පටන් ගත්තේ සංවිධායකයන් කියූ පරිදිම තරඟ බිම් තුළ කාලගුණය වරින් වර වෙනස් වන බව ඔවුන් දෙදෙනාට මතක් කරමින්. ඔහුගේ පැනය නෑසුනාක් මෙන්, සිය අහස් නිල් පැහැ ගවුම මතින් ඇඳ සිටි තද නිල් පැහැ ජැකට්ටුව තුළ ඇය තව තවත් සැඟවෙන්න උත්සහ කළා.

" මට පිළිතුරක් දෙන්න ඇස්ට්‍රියා , ඔබ අකමැති නම් මා කෙසේ හෝ සියල්ල අමතක කරන්නට උත්සහ කරන්නම්." ඔහු පැවසුවා.

" ඩ්‍රයිඩන් , අප දෙදෙනාටම අනාගතයේ බැරෑරුම් ප්‍රශ්නයකට මුහුණ දෙන්නට වේවි . ඔබ ඒ ගැන බිය වන්නේ නැතිද?"

" අප දෙදෙනා අපගේ රාජ්‍යයන්ගේ නායකයන් නම්, අප උත්සහ කරමු මගක් සොයාගන්නට. සියලු තීරණ ගන්නේ අප නම්, රාජ්‍ය වැසියන්ට බලපෑමක් නැති නම්, ඇයි අප දෙදෙනා ඒ ගැන කල්පනා කර සැබෑ හැඟීම මරා දමන්නට උත්සහ කරන්නේ?"

ඔහු පවසන කාරණයේ යම් සත්‍යතාවක් ඇති බව ඇය පිළිගත් නමුත් ඇය පසුවුණේ දෙගිඩියාවෙන් .

" මා ඕනෑම සටනකට , ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්නට සූදානම්, ඔබ මා සමග නම්, එලේනා සහ එමානුවෙල් ට මෙන් අපගේ ගමන පහසු නොවේවි. ඔවුන් ඔටුන්න හිමි රාජකීයයන් නොවූ නිසා"

" ඩ්‍රයිඩන් , ඔබ සිතන්නේ ඔවුන් දෙදෙනා මෙන් අපත් නිවුන් එළි විය හැකි බවද? " ඇස්ට්‍රියා භීතියට පත් වුණා. ඇය අසා තිබූ කරුණු සහ ඔහු පවසා තිබූ කරුණු අනුව එය අර්බුදකාරි තත්ත්වයක් වුණා.

" එය මා නිවැරදිවම දන්නේ නැහැ ඇස්ට්‍රියා , තවමත් මාගෙ මායාවන් සක්‍රිය කරන ආත්මය හමු නොවූ පමණින් මා නිවුන් එළි ආත්මයක් බව මට කිව නොහැකියි. අනෙක් අතට අපගේ දෛවඥයන් නිවුන් එළියක් නම් එය උපන් මොහොතේම පවසනවා. නමුත් මා ගැන එවැන්නක් කියා නැහැ." ඔහු කීවේ ඇගේ අතින් අල්ලාගනිමින්.

" එසේ නම් අපට එලේනා සහ එමානුවෙල්ට අත් වූ ඉරණම අත් වන්නේ නැති වේවි" ඇය ඩ්‍රයිඩන් දෙස බැලුවේ බලාපොරොත්තු සහගත හැඟීමකින්.

" කිසිවිටෙකත් එසේ සිදු වන්නේ නැහැ ඇස්ට්‍රියා , අපට අපගේ රාජ්‍යයන් හි රැඳෙන්නට කිසිම බාධාවක් නැහැ. මෙතරම් ප්‍රශ්න අසන්නේ ඔබ මා හා එකඟ වන නිසාද? " ඔහු ඇසුවේ කුතුහලයෙන් .

🌓 දූවිලි තාරකා 🌓 [COMPLETED]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin