" එමානුවෙල් , ඔබ හොඳින් නේද?" සිය සුව කිරීමේ මායාවන් නිම කළ එලේනා ඔහුගෙන් විමසා සිටියා.
" හුරුපුරුදු වේදනාවන්ට අමතරව අද මට නුපුරුදු වේදනාවක් දැනෙනවා එලේනා" එමානුවෙල් ඇගේ සුරතින් අල්ලාගෙන, ඇගේ දෑස් දෙස බැලුවා. ඒ දෑසින් ද තමන් සතු පැනයම පෙනෙන බව ඔහු ක්ෂණිකවම පසක් කරගත්තා.
අළු වර්ණයෙන් සැරසුණ කුටියේ දැල්වෙන පහන් සිළු දෙස මොහොතක් බලා සිටි එලේනා දිගු ආශ්වාසයකින් පපුව පුරවා ගත්තා.
" අද රාත්‍රියේ අප දුටුවේ සුන්දර නමුත් භයානක දෙයක් නොවේද එමානුවෙල් ?" වදන් අවසාන වන විට ඇගේ දෑස් අගින් ගිලිහුණ කඳුළක් වියපත් කම්මුල හරහා පහළට රූටා ගියා.
" ඔවුන් දෙදෙනා , ඔවුන් දෙදෙනාව සොයාගෙන ද? අප කෙතරම් සඟවන්නට උත්සහ කළත් එය කළ නොහැකි වේවි. එසේ වුවහොත් බානබස් රාජ්‍යයේ කිරුළ ඔගස්ටස් ගේ පවුලෙන් ගිලිහී යාවි" එමානුවෙල් කියා සිටියේ බැරෑරුම් හඬකින්.
" ඇයට මෙහි ජීවිතය ගැලපේවිද එමානුවෙල් ?" එලේනා විමසා සිටියා.
" ඔබට මෙහි ජීවිතය ගැලපුනා ද එලේනා?" ඔහු පැනයකින්ම පිළිතුරු දුන්නා.
" කැසෙන්ඩ්රාවේ අඳුර අමතක කරවන්නට අපේ බැඳීම සමත් වුණා නොවේද එමානුවෙල් ? ඔබ සිටින තාක්කල් මට කුමන රාජ්‍යයත් දිව්‍ය විමානයක්...."
" එසේ නම් ඇයත් එලෙසම සිතාවි. අපට ඇති එකම ගැටලුව, ඇය ඔටුන්න හිමි කුමරියක් වීම පමණයි." එමානුවෙල් කීවේ කල්පනාවෙන්. " අනෙක් අතට ඔවුන් දෙදෙනා එක් නොවන තාක්කල් ඩ්‍රයිඩන් , මායාවන් අහිමි කුමාරයෙක්. ඇගේ රාජ්‍ය උරුමය බේරාගන්න අප ඇයව ආරක්ෂා කරද්දී, ඔහුගේ මායාවන් අක්‍රිය නිසා ඔහුගේ රාජ්‍ය ඔහුට අහිමිව යනවා. එය සක්‍රිය කළ හැක්කේ ඇයට පමණයි..."
" අප ඔවුන් දෙදෙනාට මෙය පැවසිය යුතු නොවේද?" එලේනා විමසා සිටියා.
" බානබස් ලොවත්, කැසෙන්ඩ්රාවත් අස්තාවර කරවන මේ රහස අප කෙසේද ඔවුන්ට පවසන්නේ එලේනා? අනෙක් අතට රාජකීය ප්‍රධාන දෛවඥයා එය සැඟවූයේත් ඇය ඔටුන්න හිමි කුමරිය නිසා... මේ මොහොතේ ඩ්‍රයිඩන් ගේ මායාවන් සක්‍රිය කරගැනීම සඳහා ඇතෙල්ස්ටන් යුධ වැදී හෝ ඇයව ඔහු වෙනුවෙන් ලබා ගනීවි"
VOUS LISEZ
🌓 දූවිලි තාරකා 🌓 [COMPLETED]
Fantasyදිළිසුමක් ලෙස දැවී වැස්ස සේ වැටෙන්නම් ජීවයක් නුඹ රැඳෙන නිම්නයේ තබන්නම් 🧡