භෝජන ශාලාවේ ද්වාර විවර වනවිට ඔහු කිසිලෙසකින්වත් දකින්නට නොසිතූ ඇය ඔහුගේ දෙනෙත් ඉදිරියේ පෙනී සිටියා. අඳුරුව ගිය ඇගේ මුහුණ දෙස බලා සිටින්නට තරම් ඔහුට හැකියාවක් තිබුණේ නැහැ. ඇය ඔහුගේ දෑස් හා පැටලෙන්නට හෝ නොනැවතී මිතුරිය සමග ඉක්මන් ගමනින් පිටව ගියා. සිත දැඩි කරගත් ඔහු ශාලාවට ඇතුළු වුණා.
" ඩ්‍රයිඩන් , මගේ මිත්‍රයා..." සිනහ මුසු මුහුණින් ඔහුව පිළිගන්නට ඉදිරියට පැමිණියේ ඩාසියන්. ඔහුව දුටුවහාම ඩ්‍රයිඩන් ට සිහි වුණේ ඩාරාවේදි ඔහු පැවසූ වදන්.
අපහසුවෙන් මවාගත් සිනහවක් සමග ඩ්‍රයිඩන් ඔහු හ දොඩමළු වුණා. " ඔබ මේ උත්සවය වෙනුවෙන් බොහෝ වෙහෙසී ඇති හැඩයි ඩාසියන්. "
" අප සියලු දෙනාම බොහෝ වෙහෙසුනා ඩ්‍රයිඩන් , මෙහි පැමිණෙන අමුත්තන් වෙනුවෙන් සුන්දර මතක එක් කරගැනීමට අවස්තාව සලසා දීම අපගේ එකම අභිප්‍රායයි"
" කැසෙන්ඩ්‍රාව වෙනුවෙන් මා ස්තූතිවන්ත වනවා ඩාසියන්." ඩ්‍රයිඩන් එසේ කියා ඔවුන් වෙනුවෙන් වෙන් කර තිබූ අසුන් වෙත පියවර තැබුවා.
මධ්‍යම රාත්‍රිය වනතුරුම සම්භාෂණය පැවතුනෙන්, ඔහුට අකමැත්තෙන් හෝ එහි රැඳී සිටින්නට සිදු වුණා.
.
.
.
.
.
" සයිරස්... මා ඔබට පැවසුවා නොවේද, මට මගේ මිතුරිය හා රැඳීමට අවැසි බව?" ඇස්ට්‍රියා වෙනුවෙන් වෙන්ව තිබූ කුටියේ දොරටුව අසල සිටි අවුරෝරා සිය ආරක්ෂකයා වෙත දැඩි හඬින් කියා සිටියා ." ඔබ මගේ ආරක්ෂක වළල්ලෙන් එපිට සිටීම මට මහා හිසරදයක් අවුරෝරා "
" මා කුඩා දරුවෙක් නොවේ සයිරස්... මා තව මද වේලාවකින් මගේ කුටියට පිටව යනවා." ඇය එසේ කියා දොරටුව වසා දමා සයනය මත අසුන්ගෙන සිටි සෙලීන් සහ ඇස්ට්‍රියා සමග එක් වුණා.
" අප සියලු දෙනාම කළේ වරදක්" සෙලීන් කියා සිටියා.
ඇගේ ඒ වදන් හමුවේ අනෙක් දෙදෙනා විස්මයෙන් ඇය දෙස බලා සිටියා.
" කුමක් ද ඔබ පවසන්නේ?" අවුරෝරා විමසා සිටියා.
" මෙය සිදුවන බව දැන දැන අප ඔවුන් දෙදෙනාට සහය පළ කළා. මගේ සොයුරා හෝ සැබෑ තත්ත්වය මොවුන්ට කිව යුතුව තිබුණා." සෙලීන් කීවේ කනස්සල්ලෙන් .
BẠN ĐANG ĐỌC
🌓 දූවිලි තාරකා 🌓 [COMPLETED]
Viễn tưởngදිළිසුමක් ලෙස දැවී වැස්ස සේ වැටෙන්නම් ජීවයක් නුඹ රැඳෙන නිම්නයේ තබන්නම් 🧡