වේගයෙන් ඇදෙන නොවෙන්ඩ්‍රා යානයේ කවුළුව තුළින් ඇස්ට්‍රියා බලා සිටියේ දෙගිඩියාවෙන් . නියමු කුටියේ නියමුවන්ට උපදෙස් දුන් ඩ්‍රයිඩන් , නිහඬවම විත් ඇය අසලින් අසුන් ගත්තේ ඇගේ පිටි අල්ල මත සිය අත්ල තබමින්.

" එය විශිෂ්ට නිමැවුමක් නොවේද?"

" කුමක්ද ?"

" ඕර්ටූස් නෙබියුලාව " කවුළුව හරහා පෙනෙන වෛවර්ණ වූ දසුන දෙස දෑසින් ඉඟි කරමින් ඔහු අසා සිටියා.

" ඕර්ටූස් නෙබියුලාව " කවුළුව හරහා පෙනෙන වෛවර්ණ වූ දසුන දෙස දෑසින් ඉඟි කරමින් ඔහු අසා සිටියා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

" හ්ම්.... එය වර්ණවත්.... මිය යන තාරකාවලින්, නව තාරකා බිහිවන තැනක් නොවේද එය?" ඇස්ට්‍රියා ඇසුවේ ඔහුගේ දෙනෙත් එක එල්ලේ ග්‍රහණය කරගනිමින්.

" ඇස්ට්‍රියා , ඔබේ කැසෙන්ඩ්‍රාවේ ජීවිතය ගැන ඔබ කනස්සල්ලෙන් ද? මා නිසා ඔබේ ජීවිතයේ වර්ණ සියල්ල මතින් කාලවර්ණය ඉහිරුණා ද?" ඇයව නිවැරදිව කියවූ ඔහු එසේ අසමින් ඇගේ ගෙල පිටුපස පිරිමදින්නට වුණා.

" එසේ නොවේ ඩ්‍රයිඩන් , මා දැන් කැසෙන්ඩ්‍රාවේ ජීවිතයට අනුගත වෙමින් සිටින නිසා එවන් දුකක් මට දැනෙන්නේ නැහැ. බානබස් හි තව දුරටත් ජීවත් වූවා නම් , මා කොලින්ගේ වද හිංසාවලින් පීඩිතව මිය යන්නට පවා ඉඩ තිබුණා. ඔබ නොවේද මා බේරාගත්තේ?"

" ඕ ඇස්ට්‍රියා , යළිත් කිසි දිනෙක , ඔවැනි කතා පවසන්න එපා. මේ දින කිහිපය හැකි තරම් ඉවසීමෙන් අප දෙදෙනාම ගෙවා දැමිය යුතුයි. අප දෙදෙනා අතර ඇති බැඳීම කැසෙන්ඩ්‍රාවෙන් පිටතට නොයා යුතුයි. "

" මා එය දන්නවා ඩ්‍රයිඩන් , සියල්ල හොඳින් සිදුවනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා" ඇය එසේ කියා ඔහුගේ උරහිසට බර දුන්නේ සුසුමක් පිටකරමින්.
.
.
.
.
.
" ඔබ පැමිණියේ සටන් වදින්නටද කැසෙන්ඩ්‍රාවේ කුමරුනි?" දෑත් බැඳගෙන යානා අංගනයේ සිටි කොලින් ඩ්‍රයිඩන් ගෙන් විමසුවේ ප්‍රධාන නොවෙන්ඩ්‍රා යානයට අමතරව කැසෙන්ඩ්‍රාවේ යුධ යානා පහක් ඔවුන්ට පිටුපසින් ගොඩ බැස්වූ නිසා.

🌓 දූවිලි තාරකා 🌓 [COMPLETED]Donde viven las historias. Descúbrelo ahora