මාස අටකට පසු
ඔපේලියා සැණකෙළිය
හාමෝනියා ලොවවර්ණවත් හාමෝනියා ලොව සැණකෙළි සිරියෙන් ඒකාලෝක වෙමින් තිබුණා. වෙස් මාරු කරන්නන්ගේ (shape shifters) ලොව වූ එහි හරිත වර්ණ තුරුලතා මෙන්ම වෛවර්ණ මාළිගා බොහෝ පිහිටා තිබුණා. එමරල්ඩ් ග්‍රීන් මිටියාවත ඔවුන්ගේ පූජනීය මිටියාවත වුණා.
රාත්‍රියේ පායන චන්ද්‍රයන් දෙදෙනෙක් හිමි වූ හාමෝනියාවට රාත්‍රියේ වුවත් ඝන අඳුරක් තිබුණේ නැහැ. සෙලීන් ගේ වැඩිමල් සොයුරු , එඩ්වඩ් එහි රජ වූ අතර ඇගේ අනෙක් සොයුරන් පස් දෙනාද රාජ්‍ය පාලනය සඳහා එකිනෙකා වෙනුවෙන් සහය ලබා දුන්නා. ඔවුන්ගේ එකම නැගණිය වූයේ සෙලීන්.
ඇයට මෙන්ම සොයුරන්ටද වෙස් මාරු කරගැනීමේ මායා හැකියාව පිහිටා තිබුණා. එඩ්වඩ් රජු රන්වන් පැහැ මකරෙකු ලෙසත්, ඩාසියන් දියකිඳුරෙකු ලෙසත්, නෝආ කඟවේනෙකු ලෙසත්, මේරියම් ෆීනික්ස් කුරුල්ලෙකු ලෙසත්, ලියම් සෙන්ටෝර් හෙවත් මිනිස් සිරුර සහ අශ්ව සිරුර බද්ධ වී සෑදුණ ජීවියෙක් බවටත් වෙස් මාරු කරගන්නට සමත්ව සිටියා. රතු පැහැ හිස කෙස් තිබූ නෝආ හැරෙන්න සෙලීන් ඇතුළු අනෙක් සිව්දෙනාට තිබුණේ කාලවර්ණ හිස කෙස්.
.
.
.
.
" ඔබ කොතරම් සුන්දර රාජකීය ඇඳුම් ඇන්දත්, ඔබේ මුහුණේ ඇති අප්‍රසන්න හැඟීම ඔබවම විනාශ කරනවා ඇස්ට්‍රියා " පිළිගැනීමේ සාදයට ඇය කැටුව යාමට ආ කොලින් අවංඥා සහගතව ඇය දෙස බලා සිනාසුණා." මගේ මුහුණේ කුමන හැඟීම තිබුණත් , ඉන් ඔබට බලපෑමක් නොවේ කොලින්." ඇස්ට්‍රියා එසේ කියමින් ටාරාගෙන් වෙන්ව කොලින් අසලට විත් සිටගත්තා.
" ඔහෝ... එසේද? ඔබේ මුහුණ වෙනස් වන්නේ කොයි මොහොතේ දැයි අද රාත්‍රියට මා පෙන්වන්නම්" එසේ කියමින් , ඇයව බලෙන්ම අල්ලාගත් කොලින් ඇය සමග ශාලාවට පිටත්ව යන්නට වුණා. ඔහුගේ ග්‍රහණය ඉතා වේදනාකාරී වුවත්, ඇය තව දුරටත් කඳුළු සැලුවේ නැහැ. ඇගේ කඳුළු සිඳී ගොස් මාස කිහිපයක් වුණා.
වෛවර්ණ මායා සැරසිලිවලින් අලංකෘත වූ ශාලාවේ සැරසිලි රාජකීයයන් වෙස් ගන්නා සත්ත්වයින් යොදා තැනූ සලකුණුවලින් සමන්විත වුණා. එවායේ පැහැයන් වරින්වර මායා මගින් වෙනස් කෙරුනා.
ESTÁS LEYENDO
🌓 දූවිලි තාරකා 🌓 [COMPLETED]
Fantasíaදිළිසුමක් ලෙස දැවී වැස්ස සේ වැටෙන්නම් ජීවයක් නුඹ රැඳෙන නිම්නයේ තබන්නම් 🧡