25

109 13 6
                                    

" ඔබ සිතන තරම් පහසුවෙන් මා නිහඬ කරවන්නට මා ඉඩ දෙන්නේ නැහැ " ඇස්ට්‍රියා යළිත් වෙර යොදා ඔහුට පහරක් එල්ල කරමින් කියා සිටියා.

" ඔබ මට අභියෝග කරනවාද මගේ ලාවා එසෙන්ස් පැළෑටිය?" ඔහු ඇගේ දෙතොල් මතට බර වෙමින් අසද්දී ඇගේ දෑස් විමතියෙන් පිරී ගියා. ඔහුව පසෙකට තල්ලු කර දමන්නට ඇයට නොහැකි වූයේ, ඊට සරිලන තරම් ශක්තියක් ඇයට නොමැති වීමත්, අනෙක් අතට මේ මොහොත වෙනුවෙන් ඇය සැබැවින්ම තෙවසරක් බලා සිටීමත් නිසා.

රාත්‍රී ආලේපන ගල්වන ලද ඇගේ සිනිඳු දෙතොල් මත සිය අයිතිය ලියා තබන්නට මෙන් ඔහු සීරුවට එහි සෑම අංශුවක් ගානේම සිය ආදරය තැවරුවා. ඒ ස්පර්ශය , කෝපයෙන් සහ ශෝකයෙන් තැළී ගිය ඇගේ ආත්මය නිවා ලූ තැන, නිසඟයෙන්ම ඇගේ දෑත් ඔහුගේ ගෙල වටා දැවටුනා.

සීරුවට ඇගේ උඩු තොලට සීරු මාරු වූ ඔහු මද වේලාවකින් යටි තොළට සේන්දු වුණේ ඔහුගේ උණුසුම් සුසුම් ඇගේ වත පුරා දවටෙද්දී. ඔහුගේ දසන් අතරට තොල සිරව යද්දි ඇය වඩාත් වැරෙන් දෑස් පියාගෙන ඒ මොහොත සදාකාලික මතක ගොනුවට එක් කරගත්තා.

" ඔබ නැතිව ගෙවූ කාලය දිගු වැඩියි ඇස්ට්‍රියා , මට ඔබව රැගෙන කැසෙන්ඩ්‍රාවට පළා යාමට සිතයි" මදකට ඇගේ දෙතොලින් මෑත් වූ ඔහු ඇගේ දෙකම්මුල් සිය දෑත් අතරේ රුවා ගනිමින් කියා සිටියා.

" මා මේ මොහොතේම වුවත් පැමිණීමට කැමති බව ඔබ දන්නවා නොවේද ඩ්‍රයිඩන් ?" ඇය ඔහුගේ මනාව සැකසූ රැවුල මත සිය සියුමැලි අතැඟිලි මෙහෙයවමින් අසා සිටියා.

" මා දන්නවා ඇස්ට්‍රියා , නමුත් මා වඩාත්ම ගරු කරන ඔබේ පියා, ඔගස්ටස් රජුගේ සිත බිඳින්නට මට ශක්තියක් නැහැ. එනිසා අප මදක් ඉවසා සිටිමු. අනෙක් අතට ඔබව මේ නිස්කලංක ආලෝකවත් පරිසරයෙන් මුදවන්නට මට සිතක් නැහැ" ඔහු එසේ කියද්දී එය තේරුම් ගත් ලෙසින් ඇය හිස සැලුවා.

" ඉටිපහන් දැල්විය යුතුයි... තෙවසරකින් පසුව ඔබ කොතරම් වෙනස් වී ඇත්දැයි මා සිතේ ධාරණය කරගත යුතුයි. " ඇය ඔහුගේ මුහුණින් අතැඟිලි ඉවත් කරගනිමින් මේසය දෙසට ඇදුනා.

ඔහු ඇය පසුපසින් වැටුණේ පුරුද්දට මෙන්.

මේසය මත තැබූ ඉටිපහන් එකින් එක දැල්වෙද්දි ඒ අසල රුක් කඳ මත එල්ලා තිබූ සිග්නස් තරුරටාවේ සුන්දර සිතුවමක් ඔහුගේ නෙත ගැටුණා.

🌓 දූවිලි තාරකා 🌓 [COMPLETED]Where stories live. Discover now