අයිරිස් විශ්වයත්
සත් ලොවත්
අනාගතය කරා
ගමන් කරද්දී
මා...
මා එතැනම
නතර වීමි
තව දුරටත් දින එළඹිමක්
වසර ගත වීමක්
මගේ ජීවිතයේ
කිසි දිනක සිදු නොවනු ඇති
මා..
මා නුඹ ළඟම
නුඹ දුන් මතක සමගම
නතර වී සිටිමි
මගේ සදාකාලික
ප්‍රේමය
හිමි නැති මුත්
මා නුඹ වෙනුවෙන්
ජීවත් වෙමි

සිය පුස්තකාලයේ විසල් කවුළුව අසල පැරණි කතා පොතක් සුරත මත තබාගෙන, එහි පිටු අතර තිබූ කඩදාසියක දෙවසරකට පෙර තමන් ලියා තබන ලද වදන් දෙස ඇය බලා සිටියා. එකල කොතරම් කඳුළු සැලුවා දැයිඇයට සිහි වුණේ ඇය ලියා තැබූ වදන් කිහිපයක් තැනින් තැන බොඳ වී ගොස් තිබූ නිසයි.

නමුත් තවදුරටත් , ඇගේ සිතේ තෙතමනයක්, හැඟීමක්, ඔහු වෙනුවෙන් සලන්නට කඳුළක් ඉතිරිව තිබුණේ නැහැ.. සුන්දර බානබස් රාජ්‍යයේ වැදගත් කාලයක ආරම්භය සනිටුහන් කරමින් හිරු කිරණ උණුසුම් ලෙස ඈතින් දිස් වන තණ පිටි මතට පතිත වෙමින් තිබුණා.

එකවරම පුස්තකාලයේ ද්වාරය විවෘත වූ හඬින් ඇය ගැස්සී ගියේ අත තිබූ පොතද, ඇය ලියා තිබූ කඩදාසියද අතින් ගිලිහී යද්දියි. පැමිණි ඔහුව දුටු විට ඇය සුසුමක් හෙලා සිත ගල් කරගත්තා.

" ඔබ මෙහි සැඟවී සිට කුමක් කරනවාද?"

" මා පැමිණෙන්නම් කොලින්"

" ඔව්, මේ සැණකෙළිය ඔබේ සැණකෙළිය , මා මෙහි කිසිවක් කරන්නේ නැහැ. මගේ රාජකාරි අනුව මා ප්‍රාන්ත කිහිපයක සංචාරය කළ යුතුයි. මෙය සම්පූර්ණයෙන් ඔබේ වගකීම" ඔහු එසේ සිහි කැඳවමින් ඇස්ට්‍රියා හේත්තු වී සිටි බිත්තිය වෙත සෙමෙන් ළං වුණා.

" ඔබ සමාරම්භක උත්සවයට සිටින්නේ නැතිද කොලින්?" ඇය ගැලවී යන්නට මගක් නැතිබව කල්පනා කරමින් ඔහුගෙන් විමසුවා.

" ඔපේලියාවට වඩා මට වැදගත් කාර්‍යයන් තිබෙනවා ඇස්ට්‍රියා" ඔහු එසේ කියමින් ඇගේ බඳවටා දෑත් යවා ඇයව තමන් දෙසට ළං කරගත්තා. නමුත්, ඊළඟ මොහොතේ සුපුරුදු පරිදි ඔහු තමන්ව අත්පත් කරගන්නා බව ඇය දැන සිටියා.

ඔහු ඇගේ දොතොල් මත පතිත වෙද්දී ඔහුගේ දෑත් ඇගේ ගෙල දෙපස නතර වුණේ ලෝහමය අඬු දෙකක් ලෙසයි. සිය ගෙල දෙපස වූ ග්‍රහණය හුස්ම සිර කරවන තරම් තද වෙද්දි ඇය ඉවසාගෙනම ඔහුගේ දෙතොල් ග්‍රහණය කරගත්තා. කෙමෙන් එක අතක් නිදහස් කළ ඔහු ඇගේ රාජකීය ගවුමේ ගැඹුරු කර හරහා දෑත යවමින් ආදරණීය සියුම් ස්පර්ශයන්ගෙ උද්දීපයනය වන්නට පෙරුම් පිරූ තැන් ආවේගය මිශ්‍ර රළු ග්‍රහණයන්ගෙන් වේදනාවට පත් කළා.

🌓 දූවිලි තාරකා 🌓 [COMPLETED]Onde histórias criam vida. Descubra agora