එනිඩ් හි මුහුදු වෙරළේ ගුහාවක සැඟව සිටි ෆෙලික්ස් සහ ට්‍රයිටන් මුදාගැනීමෙන් අනතුරුව මිතුරු මිතුරියන් සියලුදෙනාටම යම් සහනයක් දැනුනත්, ඉතා නුදුරේදීම එල්ල විය හැකි අභියෝගය පිළිබඳව ඔවුන් යළිත් එක්ව සාකච්ඡා කළා.

තම ලෝකවල මායා අවි සියල්ල සඟවා ඇති ස්තානවලින් ප්‍රධාන මාළිගා කරා ගෙනැවිත් , ඕනෑම මොහොතක එල්ල විය හැකි යුධමය අභියෝගයකට සූදානම් වීමටත් ඔවුන් තීරණය කළා. මේ සියල්ල සඳහා ඒ ඒ ලෝකවල රජවරුන්ගෙන් මග පෙන්වීම සහ සහය ලබාගත යුතුව තිබුණා.

බානබස් හි අවිය වූ ටාඩන්ස් ඇමිකස් අවිය පිළිබඳව සයිරස් ඇස්ට්‍රියා ගෙන් තොරතුරු විමසා සිටියේ , ගෙවුණ මාස කිහිපය පුරාම ඇය සියල්ලන්ගෙ වසන්වී තොරතුරු දැනගැනීමේ මග අවුරා තිබූ නිසයි.

" එය සඟවා ඇති ස්ථානය අපගේ මුල් පෙළ රාජකීයයන් කිහිපදෙනෙක් පමණයි දැන සිටින්නේ. " ඇස්ට්‍රියා කියා සිටියා.

" ඇස්ට්‍රියා කුමරිය , ඔබ බානබස් වෙත ගොස් ඒ මායා අවිය ඔබේ භාරයට ගන්න. ඔබ එහි අනාගත රැජිණ නිසා ඔබට ඊට අවැසි සුදුසුකම් තිබෙනවා නොවේද? ඔබ එය පරිහරණය සඳහා පුහුණුව ලබා තිබෙනවා ද?" සයිරස් අසද්දී බොහෝ දේ සඟවා සන්සුන්ව ගැහෙන ඇගේ හදවත මොහොතකට වේගවත් වුණා.

" එ... එ.. එසේය සයිරස් , මා නිසි වයසේදී පුහුණුව ලැබුවා. නමුත් එය මා අත තබාගන්නවාට වඩා බානබස් හි සඟවා තැබීම සුදුසු නොවේද?"

" නැත කුමරියනි, එය නිරුපද්‍රිතව බානබස් රාජ්‍යයෙන් පිටතට ගත යුතුයි. අපට ඇති එකම සැකය මේ වනවිටත් එය සතුරන් අතට පත්ව ඇත්ද යන්නයි."

මේ වදන් හමුවේ ඇස්ට්‍රියා ශෝකී සුසුමක් පිට කළා. බානබස් හි රාජකීයයෙකුට මිස අන් අයෙකුට අදාල කුටියට ඇතුළු විය නොහැකි බව ඇය දැන සිටියා. නමුත්... ප්‍රහාරය සිදුවූ ඒ මුග්ධ දිනය සිහි කරද්දී ඇගේ ගතම සලිත වුණා.

" ඇස්ට්‍රියා කුමරියනි, ඩ්‍රයිඩන් කුමරු සමග ඔබේ රාජ්‍යයට ගොස් මායා අවිය ඔබේ භාරයට ගන්න. ඔබ දෙදෙනා මේ මොහොතේ කුමන විරසකයක සිටියත්, සත් ලොව වෙනුවෙන් ඔබේ යුතුකම් එක්ව ඉටු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා" සයිරස් එසේ කියා ඩාසියන් වෙත නික්ම ගියා.

🌓 දූවිලි තාරකා 🌓 [COMPLETED]Onde histórias criam vida. Descubra agora