"ඔයා මාව දන්නැද්ද love ? මං එයාට අපි අතර වෙච්ච දේවල් කියන්න ඕන ද ?"
"මෙන්න මේ යකා තමා මට ගැහැව්වෙ.."
ටේ jk දිහාට ඇගිල්ලකුත් දික් කරන් ජිමින් පිටිපස්සෙ ගිහින් හැංගුනා. ඒත් ජිමින්ගෙ ඇගේවත් වදින් නැති වෙන්න තමයි ටේ හිටියෙ. ඒ අදත් ගුටි කන්න වෙයි කියල හිතල.
"ඔයා.. ඔයා මොකද යුනි එක ඇතුලෙ කරන්නෙ ?"
"මං දන්න තරමින් මේක private යුනි එකක්.."
"එහෙමයි කියල ඔහේට බෑනෙ මේක අස්සට රිංගන්න"
"මට ඕන වෙලාවක ඕන තැනක ඉන්න පුළුවන් love.. ඔයා ඒක දන්නවනෙ."
🐥එතකොට මෙයාද ඊයෙ මාව ගෙදර ගෙනත් තියෙන්නෙ.. අර්ශ්... මට මෙලෝ දෙයක් මතකත් නෑ. මොනා හරි උනාද දන්නෑ.. මේ මනුස්සයගෙන් ඇහුවොත් කියයිද?🐥
"ඊයේ... ඔයාද මාව ගෙදර ගෙනාවෙ?"
"Jk ඔලුව වැනුව විතරයි."
"එතකොට... එතකොට ඔයා මං එක්ක මොනා හරි කලාද ?"
"අපි අතරෙ ආයෙ අලුතින් වෙන්න දෙයක් තියෙනවා ද love ?"
ටේ ජිමින්ව එයා දිහාට්ට හරවන් ජිමින්ගෙ මූණට එබුනෙ මොනාද යකෝ කියවන්නෙ අහන්න වගේ මූණ හදාගෙන.
"යාහ්.. යාහ්.... ගනින් උබෙ ජරා අත මගෙ angel ගෙ ඇගෙන්."
ජිමින් හිටියෙ මේ මනුස්සයා දවසෙන් දවස එයාට දාන nick name කන්දරාව හිතා ගන්න බැරුව. ඒ උනාට එයා ටේට බයිනව නේද කියල ජිමින්ට මීටර් උනේ පස්සෙ.
"ඒයි... මගෙ යාලුවට ඔහොම කතා කරන්න එපා."
"මොකා උනත් එහෙම මගේ දේවල් අල්ලන්න දෙන්න බෑ."
"මං ඔයාගෙ නෙවෙ.."
Jk අඩියට දෙකට ඉස්සරහට ඇවිත් ජිමින්ගෙ මූණ තද කල්ලා අල්ලගත්තෙ අල්ලන් ඉන්න පීඩනේට ජිමින්ගෙ තොල් උල් වෙද්දි..
"ආවූඌඌ... අතෝරුන්න්න..."
"ආයෙ එහෙම කියන්න හිතන්නවත් එපා... තේරුනාද.. ඔය ලස්සන මූන මට කියල චප්ප කරගන්න ආස නම් විතරක් ආයෙ එහෙම කියනව. මාව මගාරින්න හිතන්න එපා. තමුන් මගේ උන් නැත්තන් මං වෙන කාගෙවත් වෙන්න දෙන්නෑ. ඒක හොදට මතක තියාගන්නව"