🍓🚬..Chp : 09. he is a wolf

180 33 27
                                    

ජිමින් නින්දෙන් ඇහැරෙද්දි හිටියෙ කාර් එක ඇතුලෙ නිසා ටික වෙලාවක් ගියා එයාට පියවි සිහියට එන්න. කාර් එක ඇතුලෙ සම්පුර්ණයෙන් ම කලුවර නිසා ජිමින් ටිකක් කලබල වෙලා කාර් එකේ දොර ඇරගන්න ඔට්ටු වෙන්න පටන් ගත්තා.

"අහ්.. ඔයා නැගිට්ටද ? "

"අර නපුරා කෝ..? කොහෙද ගියේ.. යන දිහාක තනියම යනව නම් මාව එක්කන් ආවෙ මොකටද ?"

"Jungkook තව ටිකකින් ඇවිත් ඔයාව ඇතුලට එක්කන් යයි. එතකල් ඉන්න."

ජිමින් ටික වෙලාවක් සරසලා තියෙන මන්දිරේ දිහා බලාන ඉදලා හෝසු දිහාට්ට හැරුනා.

"මොකද්ද අද මෙහෙ තියෙන්නෙ?"

"අද jungkook ගෙ 28 වෙනි උපන්දිනේ "

"එයාට 28 ක් ද ? "

"ඔව්.."

"මං හිතුවා ඊට වඩා හෙන වයස ඇති කියල. ඒත් එයාගෙ උපන්දිනේ ට ඇයි golden pack එක සරසලා තියෙන්නෙ."

"ඉතින් එයානෙ golden pack එකේ උරුමක්කාරයා."

"මොකක් ?"

ජිමින්ට හිතා ගන්න බැරි උනා හෝසු කියන්නෙ මොනාද කියල. එයා චුට්ටක් වෙලා ඇස් පිල්ලම් ගහන්නෙත් නැතුව හෝසු දිහා බලාගෙනම හිටියා.

"එතකොට... එතකොට ඔයා කියන්නෙ එයා wolf කෙනෙක් කියලද ?"

"ඔයාට සැක නම් ඔයා මගෙන් අහපු ප්‍රශ්නෙම ඔයාගෙන් ආයෙම අහගන්න. එතකොට හරි... "

එයාගෙ උපන්දිනේ ට ඇයි golden pack එක සරසලා තියෙන්නෙ.... ජිමින් හොසු කිව්වත් වගේ ඒ ප්‍රශ්නෙ තමන්ගෙන්ම අහගත්තා. දැන් එයාට තියෙනවා තව ප්‍රශ්නයක්.

"ඉතින් මට එයා ගාවින් එහෙම සුවදක් ආවෙ නෑනෙ."

"ඒකට හේතුවක් තියෙනවා. ඒක ඔයා පස්සෙ දැන ගනී.."

"මොකක්ද... කියන්නකෝ... කියන්නකො අනේ"

ජිමින්ට දැන් ඉවසිල්ලක් නෑ. එයාට අහම්බෙන් හම්බුන කඩවසම් මනුස්සයා වොල්ෆ් කෙනෙක් ලු. මනුස්සයෙක් නිසා තමන්වම අමාරුවෙන් පාලනය කරගෙනයි ජිමින් හිටියෙ. මොකද එයාට එයාගෙ පැක් එක ගැන තියෙන වගකීම ඩැඩා නිතරම මතක් කලා. ඒත් නොකිව්වට ජිමින්ගෙ හිතේ ජන්කුක් ගැන කැමැත්තක් තිබ්බා. දැන් ඒකට තිබ්බ ලොකුම බාධාව අයින් වෙලා. දැන් මේ ඇහෙන දේවල් එක්ක ජිමින් හිටියෙ හෙන කුතුහලයෙන්. ඒත් ජිමින් කොච්චර ඇහුවත් ජන්කුක්ගෙ සුවද දැනෙන් නැති හේතුව ජිමින්ට හෝසු ගෙන් නම් දැනගන්න බැරි උනා.

Strawberries & Cigarettes✅ [Jikook|Fantasy]Where stories live. Discover now