"අහකට වෙනව "
ජිමින් යාන්තන් කෙලින් වී ගන්න පුලුවන් උන ගමන් ජන්කුක්ව අහක් කලා. දැන් තමා ජිමින්ට වචනයක් කියා ගන්න පුළුවන් උනෙ.
"මොකද මේ ලව්...?"
"මට ඔහේට හේතු කියන්න ඕන නෑ."
ජිමින් ජන්කුක්ට ගස්සගෙනම බාත් රූම් එකෙන් එලියට යද්දි දැක්කෙ රූම් එකේ තියෙන ජන්කුක්ගෙ බෑග්ස් ටික.
"ඇයි මේව මගෙ කාමරේ ?"
"ඔයාගෙ..? නෑ අපේ "
"තමුන් කියන්න හදන්නෙ තමුන් මගෙ කාමරේ ඉන්නව කියල ද ?"
"මං මගෙ මැණික එක්ක ඉන්නැතුව කොහෙ යන්නද ?"
"ඕන දිහාක මකබෑවිලා යනව මට මොකද.."
"ලව්.."
ජන්කුක් ජිමින් ලගට එන්න යද්දි ජිමින් ආයෙම කෑ ගහන්න ගත්තා.
"එන්නෙපා මං ලගට. තමුසෙව පොලිසියට අල්ලලා දෙනව මං. හොරෙක්නෙ තමුසෙ. දැන් ගෑනු හොරෙකුත් වෙලානෙ."
ජිමින් කට උල් කර කරා ජන්කුක්ට මේ බයින්නෙ එයා හොදටම දන්නව එයා දැන් ඉන්න තත්වෙත් එක්ක ජන්කුක් එයාට මොකුත් කරන් නෑ කියල. (ජිමින්සි කපටියා..😌)
"ලව්... ඔයා වෙනස් වෙලා.. කෝ අර මගෙ අහින්සක ඔමේගා. කටකාරකම තිබ්බට ඔයා මට කවදාවත් ඔහොම කතා කරල නෑ. ඉස්සර වගේ ගුකී කියල කතා කරන්නැද්ද මට ?"
"අනේ මේ...මට තමුන්ව හුරතල් කර කර ඉන්න ඕන නෑ. තමුනුත් මාව තියාගෙන හුරතල් කර කරා හිටියෙ නෑනෙ. ගන්න තිබ්බ ඔක්කොම ගත්තා ඇරෙන්න. දැන්වත් මට මගෙ පාඩුවෙ ඉන්න දීලා යනව යන්න."
ජිමින් ජන්කුක්ගෙ බෑග්ස් ටිකත් කාමරෙන් එලියට දාලා ජන්කුක්වත් තල්ලු කරගෙන එලියට දාන්නයි හැදුවෙ. ඒත් පුංචි ජිමිනි කොහොමද ඒ තරම් දෙයක් කරන්නෙ. ජන්කුක් එහෙම්ම අනික් අතට ජිමින්ව බිත්තියට තියල තද කර ගත්තා.
"එතකොට ඒ හැමදේම උනේ මගෙ කැමැත්තෙන් විතරද.. ආහ්... උත්තර දෙනව ලව්.!"
ජිමින් මොකුත් කිව්වෙ නෑ. ඇත්තටම ජන්කුක්ගෙ විදිහට ජිමින් කැමති උනා කිව්වොත් හරි. ජන්කුක් ව ප්රතික්ෂේප කරන්න එයාට ඕන තරම් හැකියාව තියෙද්දිත් එයා ජන්කුක්ට නතු උනා. ඉතිං හැමදේම උනේ ජන්කුක්ගෙ කැමැත්තෙන් විතරක් කිව්වොත් ඒක වැරදියි.