"අපි දැන් මේකට මොකද කරන්නෙ "
හෝසු ඇහැව්වෙ බර කල්පනාවක වැටිලා හිටපු යුන්ගිගෙන්. යුන්ගි යන්න හිටපු කොන්සට් එකත් කැන්සල් කලා ජිමින්ව ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කන් යන්න. පුංචි ජියෝන් පැටිය ජිමින් ගාවට ඇවිත් දැන් මාසයක්. ජිමින් strong ඔමෙගා කෙනෙක් නිසයි දැන ගන්න ටිකක් කල් ගිහින් තියෙන්නෙ.
"මොනව කරන්නද අපි එයාව බලාගමු"
"ම්ම්.. අපිට පුළුවන් ද එයාව ඉල්ලගන්න."
යුන්ගි හෝසු දිහා බැලුවෙ අමුතුවට.
"ඔයා මොකද්ද අදහස් කරන්නෙ "
හෝසු යුන්ගි ගාවට ඇවිත් යුන්ගිගෙ අත් වලින් අල්ලගත්තා. හෝසු ගෙ ඇස් වල කදුලු පිරිලා. ඒ අස්සෙන් හිනා වෙනව.
"ඔයා දන්නවනෙ මං වොල්ෆ් කෙනෙක් නෙවෙයි. මනුස්සයෙක්නෙ. ඉතිං අපේ පිරිමි අයට ප්රෙග්නන්ට් වෙන්න බෑ. මට කවදාවත් ජිමින් වගේ පපා කෙනෙක් වෙන්න බෑ. මට.. මට එහෙම වෙන්න ඕන. ඔම්මා කෙනෙක්ගෙ වගකීම දරන්න ඕන. පුංචි පැටියෙක්ගෙ හිනාව දකින්න ඕන. එතකොට .. එතකොට එයා ටික ටික ලොකු වෙන දිහා බලන්න ඕන. මට..මට එයාව ඉල්ලලා දෙනව නේද් ? "
යුන්ගිට කේන්ති ගියාද දුක හිතුනද කියල හෝසුට වෙන් කර ගන්න බැරි උනා. යුන්ගි හෝසු අල්ලන් ඉදපු අත ගසල අහකට ගත්තා.
"කොහොමද ඔයා ඔහොම ආත්මාර්තකාමී වෙන්නෙ. එහෙම දරුවෙක්ව ඉල්ලගන්න පුළුවන් ද එයාගෙ ඔම්මගෙන්.. "
"ඉතින් එයාට අප්පා කෙනෙක් ..."
"අප්පා කෙනෙක් නැති එක හරි.. ඒත් එයාට එයාගෙ ඔම්මා වගේ පපා ඉන්නව. දරුවෙක්ව එහෙම එයාගෙ පපාගෙන් වෙන් කරන්න අපිට බෑ. අනික මේ දරුව තාම ජිමින් ගාවට ආවා විතරයි."
මොකක් හරි දෙයක් බිමට වැටෙන සද්දයක් කාමරේ පිටතින් ඇහුනා.
"යහ්....ජිමිනි...!"
ජිමින් ඔච්චර වෙලා මෙයාලා කතා කරපු දේවල් අහගෙනයි ඉදල තියෙන්නෙ.
"දැන් හරිනෙ."
යුන්ගි හෝසු දිහාට රවල වාගෙ ජිමින්ගෙ පස්සෙන් දුවන් ගියා.
"යාහ්.. ජිමින්න්.... ඔහොම ඉන්න..!"
යුන්ගි කොහොම හරි ජිමින්ව අල්ලගෙන හග් කරගත්තා.