"ඔහොම ඉදල හරියන්නෑ.. ඔය කොල්ලට කන්න දෙනව. දෙයියනේ කියල කෑමකට ආසාවෙන් කිචන් එකට ආවෙ සෑහෙන කාලෙකින් "
ජන්කුක්ට වැඩි වෙලා ජිමින්ගෙ උනුහුමේ ඉන්න හම්බුන්නෑ. යුන්ගිගෙ තරවටුව සැර වැඩි කමට ජිමින් ඉක්මනින් ජන්කුක්ගෙ ඔඩොක්කෙන් අහක් උනා.
"ලව්... කොහෙද යන්නෙ ?"
"කන්න. ඇයි මොකද ?"
"ඔහොම ඉන්න මාත් එක්ක කමු"
"මට බෑ"
"මුරණ්ඩු වෙන්න එපා. කෝ එනවා මෙන්න මෙතනින් ඉදගන්නව මගෙන් ගුටි නොකා."
ජන්කුක් ජිමින්ව ඇදල අරන් සෙටියෙ එයා ගාවින් වාඩි කරව ගත්තෙ ජිමින් රවාගෙන බොරු අකමැති මූණක් මවාගෙන ඉන්නද්දි.
"කෝ... ආහ්..."
"අයියෝ... මටෝන්නෑ. මගෙ ප්ලේට් එක කිචන් එකේ තියලයි ආවෙ. අනික ඔයා ඔහොම හැසිරෙද්දි නිකං අමුතුයි වගේ. "
"ම්ම්.... මගෙ මැනිකට ඒ යකාද ඕනා"
ජිමින්ට හිතා ගන්න බැරි උනා මොකද්ද කියන්න ඕන කියල. ඇත්තටම ජිමින් කැමති ඒ යකාට තමයිනෙ.
"මල කෝලං මං යනව."
"ඉන්...න.."
ජන්කුක් ජිමින්ගෙ අතින් අල්ලගත්ත උනත් ජිමින් ජන්කුක්ගෙ අත ගසා දාලා එතනින් නැගිටලා ගියා. හුගක් ම යුන්ගි බලාන ඉදපු නිසා ජිමින්ට ඕන උන්නෑ ජන්කුක්ට සෙකන්ඩ් වෙන්න. ඊටත් වඩා හෙට අනිද්දා එන හීට් එක හින්ද ජිමින්ගෙ ඔලුවත් විකාර වෙලයි තිබුනෙ. එයා එයාගෙ හිතටම තදින් ඇඩ්වයිස් කලා බොලද වෙලා එයාට නැමෙන්න එපාම කියල. ඒත් ජිමින්ට ඒක කරන්න පුලුවන් වෙයිද ?
.
.
.
.
.
.
.
.
."මට පුතෙක් හිටියෙ නෑ කියල මං හිත හදාගන්නම්. මං හිතුවෙ නෑ ජිමින් අරූ එක්ක... අර්ශ්... මට පුළුවන් කාලයක් මං මේ පැක් එක බලා ගන්නව. ආයෙ මෙහෙට කතා කරන්න ඕන නැ යුන්ගි !"
මින්ජේ එහෙම කියල ෆෝන් කෝල් එක කට් කරල දැම්මා.
"මහත්තයා... ඇයි එහෙම කතා කලේ. මට මිනී එක්ක කතා කරන්න ඕන."
ජිමින්ගෙ ඔම්මා යූරා මින්ජේට කිව්වෙ ජිමින් දැන් එයාලගෙන් ඈත් වෙලා ගිහින් මාසෙකටත් වැඩි නිසා. මොනා උනත් එයා ජිමින්ගෙ ඔම්මා. ඒ විතරක් නෙවෙ ජිමින් එයාගෙ එකම දරුවනෙ . එයාගෙ හුරතල් ඔමෙගා පැටියා.