"තමුසෙ මොකද මෙහෙ කරන්නෙ ??"
ඇහිච්ච කට හඩට හැමෝම මැන්ශන් එකේ දොර දිහාට හැරුනා. යුන්ගි නම් කට කොනින් හෙන කුප්ප හිනාවක් මවන් හිටියෙ හරියට එයාට ඕන දේ උනා වගේ.
ජන්කුක් අඩියට දෙකට ආවෙ හෝසු ගාවට.
"තමුන්ලගෙ නාඩගම් එලියෙ තියා ගන්නව. මගේ තැන්වල මගුල් නටන්න තියා ගන්න එපා."
"ජන්කුකා..මම..ම..."
"අනික හෝසු මං උබව මෙතන තිබ්බෙ ජිමින්ව බලාගන්න. එහෙම නැතුව උබලට මෙතන හනිමූන් ගන්න නෙවෙයි"
ජ්න්කුක් කිව්වෙ හෝසුගේ බෙල්ල පුරා යුන්ගි තියල තියෙන දම් පාට පැල්ලම් දිහා මහ නපුරු බැල්මක් අරන් යන ගමන්. ජන්කුක් කොහොමත් දන්නව යුන්ගිගෙයින් හෝසුගෙයි සම්බන්දෙ.
"මට සමාවෙන්න ජන්කුකා."
"ඔයා මොකටද බබා සමාව ගන්නෙ. මූට ඕන විදිහට මෙතන නටන්න බෑ. කව්ද කියන්නෙ මේක උගෙ තැනක් කියල. මේක අප්පට අයිති මැන්ශන් එකක්."
ජන්කුක් හෝසුව අතෑරලා යුන්ගි දිහාට්ට ආවෙ යුන්ගි ගාව හිටගෙන හිටපු ජිමින්වත් අහකට කරගෙන.
" මේ අහනව යුන්ගි උබ අප්පගෙ දරුවෙක්ද නැද්ද කියල කව්ද දන්නෙ. මමයි එයාගෙ. "
"උබත් අප්පාගෙද කියල කව්ද දන්නෙ. අඩු ගානෙ උබට වොල්ෆ් කෙනෙක් විදිහට වෙනස් වෙන්න වත් පුලුවන් ද. ඔබට පවර්ස් නෑ. උබෙ ඔම්මා මනුස්සයෙක්ද දන්නෑ.. "
"කටවහපන් මිනිහො.. !!"
ජන්කුක්ගෙ ඔම්මා මනුස්සයෙක් නෙවෙ. ඒක පැක් එකේ ඕනම කෙනෙක් දන්නව. යුංගි ඒක කිව්වෙ ජන්කුක්ව කේන්ති ගස්සන්න. එයාට මේ වෙලාවෙ ඕන ඒක.
"අද මං කටවහන් නෑ ජන්කුකා.. උබ මේ අහිංසකයව මෙහෙ ගෙනත් තියන් කරන්න යන දේ දැනගත්තොත් උබ හිතනවද මේකා එක මොහොතක්වත් උබ ලග ඉදී කියල ආහ් ?"
"කොහෙ යන්නද... එයාට බෑ මගෙන් ගැලවෙන්න. මගේ.. මේ ඔමේගා මගේ විතරයි.. මට ඕන දේ මං එයාගෙන් ගන්නව. එයාගෙ ඉරණම මං ලියල ඉවරයි!"
යුන්ගි හැරුනෙ ජිමින් දිහාට.
"පේනව නේද ඔහේ හති වැටෙනකල් මූට යට වෙලා දුක් විදලත් මූ කතා කරන විදිහ. මේක ආදරේ නෙවෙයි ජිමිනා. ආදරේ ඇති වෙන්න හේතුවක් තියෙන්න බෑ. මූ උබව හේතුක් ඇතුවයි තියන් ඉන්නෙ."