(A/N:- උඩ තීන photo එක දැම්මෙ අවධානෙ ගන්න.😪👉👈)
ජිම්න් උදේ නැගිටිද්දි හිටියෙ එයාගෙ කාමරේ ඇද උඩ.
🐥මං කොහොමද ගෙදර ආවෙ.. ආර්ශ්... මට මෙලෝ දෙයක් මතක නෑ නෙ. ටේ ද.. එයාද මාව එක්කන් ආවෙ. ඒත් මට මතක නෑ නෙ මං අන්තිමට එයා එක්ක හිටියෙ කියල. කව්රු හරි කෙනෙක් එක්ක මං කතා කලා වගේ ලාවට මතකයි. ඒ කෙනා මාව ඇල්ලුවා. නොදන්න එව්ව කරන්න ගිහින් මටත් හොද වැඩේ.. වෙන මොනා හරි උනාද දන්නෑ..🐥
ජිමින් ඔලුවත් අල්ලං කල්පනා කරේ ඇල්ලුවට වඩා දෙයක් උනාද කියල මතක් කරගන්න.
ජිමින් හිටියෙ තෝන්තුමාන්තු වෙලා වගේ. ඊයෙ එයා drinks ගත්ත පලවෙනි වතාව නිසා එයාට ටිකක් ඔලුවට අමාරුයි.
"ජිමින්... ! පුතා...! ඔයා නැගිටලා ද ? මං ඇතුලට එනව."
කාමරේ දොර ගාව ඉදම් කතා කලේ ජිමින්ගෙ ඩැඩා මින්ජේ. ජිමින් හිටියෙ පපුව ගැහි ගැහී. ඊයෙ කොහොම ආවද දන්නෑනෙ.
"අහ්... එන්න ඩැඩා..!"
ජිමින් වෙව්ල වෙව්ලා උත්තර දුන්නා. ජිමින් ඩැඩායි ඔම්මයි අස්සෙමයි හැදුනෙ. එයා එයාලට නොකියා කිසි දෙයක් කරන්නෑ. එයාගෙ මුලු ලෝකෙම එයාගෙ ඔම්මයි ඩැඩායි. ඉතිං ඊයෙ එලියට යන්න අවසර දීපුවාම එයාලට හොරෙන් ටේ එක්ක ගිය ගමන ගැන ජිමින්ගෙ හිතට වරදකාරි හැගීමක් ගෙනාව. මින්ජේ ඇවිත් ජිමින්ගෙ බෙඩ් එකේ ජිමින් ගාවින් වාඩි උනා.
"පුතා ඊයෙ ටේ එක්ක නේද එළියට ගියේ..? "
"ඔ..ඔව් ඩැඩා..!"
"ම්ම්හ් ... ඔයා ආවෙ නම් එයා එක්ක නෙවෙ. ඔයා දන්නවද ඔයා ගෙදර ආවෙ කා එක්කද කියල ?"
ජිමින් ඇස් දෙකත් ලොකු කරාන මින්ජේ දිහා බලාන හිටියෙ ඇත්තටම ජිමින්ට කිසිම දෙයක් මතක නැති හින්දා. ඉතිං ජිමින් දන්නෑ කියන්න ඔලුව වැනුවා.
"ම්හ්හ්.. ඒකට කමක් නෑ. ඒක ඔයා දැන ගන්න ඕන නෑ. "
දැන් ජිමින්ට ප්‍රශ්නයක්. ඇයි ඩැඩා එයාව ගෙනත් ඇරලුවෙ කව්ද කියල කියන්නැත්තෙ කියල. මින්ජේට ඕන උනේ නෑ ඒක ජිමින්ට කියන්න.
"ඒත් පුතා.. ඔයා omega කෙනෙක් කියල මතක තියා ගන්න. ඔයා ඔයිට වඩා හුගක් පරිස්සම් වෙන්න ඕන. ඔයාට තේරෙනව නේද මං කියන්න හදන දේ..? ඔයා අපේ පැක් එකේ ලූනා. අපේ මුලු පැක් එකේම අනාගතේ තියෙන්නෙ ඔයා අතේ. ඔයා කවද හරි හොයාගන්න mate ගෙ අතේ. ඉතිං ඒ ගන්න තීරණය එදාට හරි විදිහට ගන්න නම් ඔයා පරිස්සමෙන් ඉන්න ඕන ඔයාට හොද mate කෙනෙක් හම්බෙන කල්. ඔයාව අයිති කරගන්න ඕන තරම් wolf ලා බලාගෙන ඇති.