ජන්කුක් Wedding dress shop එක ඉස්සරහ නැවතුනේ show room එකේ තිබ්බ ඇදුම් යුගලය දැකල.
(A/N : මාත් fb එක උඩ පහල යද්දි දැකල එකපාට්ට නැවතුනා හුම්... 😌)
"අද එනවද ?"
යුන්ගි කාර් එකට වෙලා බලාගෙන ඉදල බැරිම තැන ජන්කුක්ට කෑ ගැහුවා. ජන්කුක් පුදුම අමාරුවෙන් තමා යුන්ගිව අද එළියට එන්න කැමති කරව ගත්තෙ. ජන්කුක් ට ඕන උනා ජිමින්ගෙ ටමී එක තවත් ලොකු වෙන්න කලින් මේ දේ ඉක්මනට ලෑස්ති කරගන්න.
"බැහැලා වරෙන්.. මේක තමා හරියනම එක !"
"මොනාද කියවන්නෙ.?"
යුන්ගි තවමත් කාර් එකෙන් එළියට ඔලුව එළියට දාන් කියවද්දී ජන්කුක් shop එක ඇතුලට ගියා.
🐱 කොහෙ මගුලෙ යනවද මංදා මූ. 🐱
යුන්ගිත් හිතින් ජන්කුක්ට දොස් දෙවොල් තිය තියා කාර් එකෙන් බැහැල ජන්කුක් ගිය දිහාට යද්දියි දැක්කෙ ජන්කුක් මේ මොකක් හින්දද දඩි බිඩියෙ යන්නෙ කියල. යුන්ගි කාර් එක නවත්තල තිබ්බ තැනට shop එක පෙනුන්නෑ.
"ම්ම්හ්... උබටත් හොද taste එකක් තියෙනවා හැබැයි.."
වෙලද සේවිකාව ඩමී එකේ තිබුන dress එකේ details ගන්නකල් බලාන ඉදපු ජන්කුක්ගෙ පිටට තට්ටුවක් දාන ගමන් යුන්ගි කිව්ව.
"නැතුව නැතුව ... ලෝකෙ ඉන්න ලස්සනම මේට්ව මං පවර්ස් නැතුව ම ටක්කෙටම තෝරගත්තෙ ඒකනෙ."
"සර්.. මේක ගන්නවද ?"
"නෑ.. මේකෙ backless මං කැමති නෑ මගෙ දේවල් හැම එකාටම පේනවට.. එයාට වෙනම design කරන්න ඕන.."
"ඒත් සර් එහෙනම් අපිට එයාගෙ මැශිමන්ට් ගන්න වෙනව "
"ඕන නෑ. කවුරුත් එයාව අල්ලනවට මං කැමති නෑ.."