"හෙලෝ ටේ ..!! හුග කාලෙකින් නේහ්.... මොකෝ නිකන් බය වෙලා වගේ..? "
බය වෙන්නැතුව තියෙයිද කීයටවත් බලාපොරොත්තු නොවුන කෙනෙක් ගෙදර දොර ඉස්සර ඉද්දි. ඇවිල්ලා හිටියෙ වෙන කව්රුවත් නෙවෙයි. ජන්කුක්.
"කව්ද ටේ ආ...වෙ.. හ්හ්....!"
කව්ද කියල අහගෙන දොර දිහාට ආව හෝසුට ඉහලට ගත්තු හුස්ම පාත දාන්නත් අමතක උනා.
"හෙලෝ හෝසු... ! මගේ සහයකයා..ඔයා නැතුව මට වැඩ ටික මැනේජ් කරගන්න හරිම අමාරු උනා. ඔයා මට නොකියම රස්සාවෙන් අස් වෙලා නෙ. එහෙම කරන එක හරිද මං අහන්නෙ ආහ්.. ??"
ජන්කුක් මොකුත් නොව්න ගානට දන්න අදුනන කෙනෙක් එක්ක සාමාන්යයෙන් කතා කරන විදිහටම හෝසු එක්ක හිනා වෙලා කතා කරන්න ගද්දි හෝසුට අමුතු බයකුත් දැනුනා.
"ඔ.. ඔයා... ඔයා කොහොමද මෙහේ?"
"ෆලයිට් එකේ ආවෙ ඉතිං ... බෝට්ටුවෙන් හොරෙන් එන්න බෑනෙ. ඒක නීති විරෝධී නෙ."
ජන්කුක්ගෙ විහිලුත් ජන්කුක් වගේම අමුතුයි. ඒවට කොහෙත්ම හිනා යන්නෑ. ඇති වෙන්නෙම හිතේ අමුත්තක්, බයක් විතරයි.
"ඉතින් ගෙදරට ආව අමුත්තට ගේ ඇතුලට එන්න කියන් නැද්ද..?"
හෝසු මොකුත් නොකියා ඔලුව විතරක් වනල ඇතුලට එන්න වගේ ඉගියක් දුන්නා.
"ගුඩ්..!"
මේ මොකුත් ම නොදන්න යුන්ගි හිටියෙ තවමත් ජිමින්ට කෑම කවන්න ඔට්ටු වෙන ගමන්.
"යාහ්... ජිමින්ශී...තව එකම එක කටක් කන්න. ආ... ආ..."
"බෑ හියොන්ග් .. අයියෝ අමාරුවෙන් කෑවට වැඩක් නෑ අනේ ...ඕක අනික් අතට ආයෙම වොමිට් වෙනෝ නෙ අප්පාහ්.."
"ඒ උනාට හිස් බඩ ඉන්න දෙන්න බෑ. ඔය පපාට ගෑස්ට්රයිටිස් හැදුනොත් පැට්ටටයි හොද නැත්තෙ."
ජන්කුක් හිටියෙ මේ සේරම බලාගෙන. ජන්කුක්ට දෑ නම් හොදටම විස්වාසයි ජිමින්ගෙ බඩේ තමන්ගෙ ලේ වලින් උරුමයක් තියෙනව කියල.
"පපා නෙවෙ.. එයා මගෙ පැට්ටගෙ මමා. මගෙ පැට්ටව තියන් ඉන්න මමා හෙල්දිව ඉන්න ඕන. ඔන්න මමාව බලාගන්න ඩැඩා ආවා.!"