"ඔයා... ඔයා දැන් මට ආදරේ නෑ..."
"ඇයි දැන් එහෙම කියන්නෙ..?"
"මං දැන් කැතයි නෙ.. "
"කව්ද කියන්නෙ ? "
"කව්රුත් කියන්නෑ."
"එහෙනම්.. ඇයි දැන් එහෙම හිතන්නෙ කියන්නකො , eun ae හින්ද ද?"
"ජිමින් ඔලුව වැනුව "
" ලව්... ඔයා හොදටම දන්නව මට එයා එක්ක එහෙම අනවශ්‍ය සම්බන්ධයක් නෑ කියල. එයාව ආරක්ෂා කරන්න විතරයි මට තිබුනෙ. ඒ ඇයි කියල මගෙන් අහන්න එපා. පුළුවන් ඉක්මනටම මං ඒක කියන්නම්."
"මං දන්නව සම්බන්ධයක් නෑ කියල."
"එහෙනම් මොන මගුලක්ද තවත් ...."
"ඔය...ආයෙ කෑ ගහනව..."
"ඕ ගෝඩ්.... හරි ....මොකද්ද දැන් ප්‍රශ්නෙ..? "
"මං මහත් වෙලා .. කැත වෙලා ... ඒ හින්දයි ඔයා ඉස්සර වගේ මං ගාවට එන් නැත්තෙ. ඉස්සර ඔයාට මාව නැතුව බෑ.. ඒත් දැන්... ඔයා අන්තිමට මං එක්ක ඒක කලේ කවද්ද කියලවත් මට මතක නෑ."
"ලව්... එහෙම දෙයක් නෙවෙ"
"නෑ...එහෙම තමා.."
"අර්ශ්... ඔයා ඉන්න තත්වෙ එක්ක කොහොමද මං ?"
" ඇයි ප්‍රෙග්නන්ට් උන මුල් කාලෙත් කලේ.."
" දෙයියනේ ... මේ ඔයාටත් වඩා ලොකුවට තියෙන බඩ ගෙඩිය දැක්කම මට බය හිතෙනව.. ඕක කරන්න ගිහින් එයාලට මොකක් හරි කරදරයක් උනොත් ඔයාගෙ අර හොබී ඔම්මගෙන් මට කනක් ඇහිල ඉන්න වෙන්නෑ.. අනික මං මටම සමාවක් දෙන එකක් නෑ ලව්.."
"එහෙම මොකුත් වෙන්නෑ... "
"ඒත්... "
"ගුකී........!!"
ජිමින්ගෙ වොයිස් එක නම් ජන්කුක්ගෙ ඉවසීම තවත් තියෙන්න ඇරියෙ නෑ.
"Fine...!"
ජන්කුක් ජිමින්ව ටබ් එකෙන් එලියට අරන් පිහදලා රූම් එකට එක්කන් ගිහින් බෙඩ් එකෙන් පරිස්සමෙන් වාඩි කලා.
"අදින් පස්සෙ ඔය විකාර ගැන හිතන්න බෑ...තේරුනාද..?"
ජිමින් ලැජ්ජාවෙන් බිම බලා ගත්තෙ ඊලගට වෙන්න යන්නෙ මොකක්ද කියල හොදටම දන්න නිසා.