රෑ 8.00 විතර වෙද්දි golden pack එකට එන්න පුළුවන් උනා. Pack එක පුරාම ලස්සනට සරසලා තිබුනා. බැලූ බැලූ තැන Candles පත්තු කරලා සම්පූර්ණයෙන් එළිය කරලා.
ජිමින් හිටියෙ නින්දකට වැටිලා. පැය ගානක් කාර් එකේ එද්දි ජිමින්ට එහෙම්මම නින්ද ගිහින් තිබුනා. Jungkook ජිමින්ගෙ phone එක ගත්තු නිසා ජිම්න්ට වෙන කරන්න දේකුත් නෑ. ඇහැරිලා ඉන්නද්දි jungkook ගෙ බැල්මවල් දරාගන්න බැරිම තැන තමා ජිමින් ඇස් පියාගෙන සීට් එකට බර උනේ. ඉතිං එයාට එහෙම්මම නින්ද ගිහින්.
"හෝසු..."
"ඕහ් !!"
"මෙයා මෙහෙම කාර් එකේම හිටපුදෙන්. මං එයාව එක්කන් යන්න එනකල් බලාගනිං. දොරවල් ලොක් කරපම්. මේකා පැනල දුවයිද දන්නෑ."
"ම්ම්ම්හ්.. හරි..."
Jungkook ජිමින් දිහාට බැල්මක් දාලා කාර් එකෙන් බැහැලා golden පැක් එකේ ලොකු මන්දිරේ දිහාට ඇවිදන් ගියා. ගිහින් ටිකක් උස මහත මැදි වයස මනුස්සයෙක්ගෙ පිටිපස්සෙන් හිට ගත්තා.
"අප්පා..!"
jungkook ගෙ කට හඩට ඒ දිහාවට හැරුන jungkook ගෙ අප්පා jungkook ට ලොකු හග් එකක් දුන්නා.
jungkook ගෙ අප්පා Jeon so-hyun තමා Golden pack එකේ හෙඩ් alpha. jungkook ට ඔම්මා නෑ. Jungkook පොඩි කාලෙම එයාගෙ ඔම්මා නැති උනා. දැන් jungkook ගෙ අප්පාට වෙන mate කෙනෙක් ඉන්නව. එයා ji-won. එයාටත් ඉන්නව jungkookගෙ අප්පාගෙන් පුතෙක්. එයා හදන්නෙ pack එකේ අයිතිය එයාගෙ පුතාට අරන් දෙන්න. ඒ තමයි min yoongi. එයා ටිකක් අමුතු චරිතයක්.
Min yoongi
Age 23
Rank:- Alpha
musicianJungkook ගෙ කුඩම්ම yoongiට පැක් එකේ අයිතිය අරන් දෙන්න හැදුවට මෙයාට ඒ ගැන කිසිම interest එකක් නෑ. එයාට ඕන එයාගෙ wolf ජීවිතෙන් ඈත් වෙලා music වැඩ වලට අවධානෙ දෙන්න. එයාට mate කෙනෙක් හිටියා. හරියට ම අවුරුදු 18 දි එයා එයාගෙ mate ව මාක් කලා. එයාට ගොඩක් ආදරේ කලා.ඒත් yoongiට එයා එක්ක වැඩි කල් ඉන්න ලැබුන් නෑ. එයා අවුරුදු 20 දි නැති උනා. එදා ඉදන් yoongi ගෙ මුලු ජීවිතේ ම උනේ music. එයා වැඩිය කට්ටිය අතරට එන්න කැමති නෑ..හුගක් වෙලාවට එයාගෙ පාඩුවෙ තනියම ඉන්නයි yoongi කැමති. ඒ නිසයි එයා එයාගෙ music life එක කොරියාවෙන් පිට ගත කලේ.