"කොහෙ යන්නද මේ ලෑස්ති වෙලා ඉන්නෙ "
ජන්කුක් අහුවෙ පාටි ඩ්‍රස් එකකින් සැරසිලා ඉන්න eun ae ගෙන්..
"Clubing කරන්න !"
"No way.. හෙට උදේම flight එක. ඔයාට දැන් නම් කොහොමටවත් එළියට යන්න බෑ. "
"මං කොරියාවෙ ඉන්න අන්තිම දවස අදනෙ. So මට යාලුවො එක්ක අන්තිම වතාවට enjoy කරන්න දෙන්න."
"මේක ඒකට වෙලාව නෙවෙ. ඔයාගෙ ජීවිතේ ට මරණ තර්ජන පවා තියෙනව. අනික මීඩියා කාරයො මේ දවස් වල p.m ට මඩ ගහන්න බලන් ඉන්නෙ."
"මට පුළුවන් පරිස්සම් වෙන්න."
"නෑ...කොහෙවත් යන්නෑ. හෙට ෆලයිට් එකට යනකල් ඔහොම්ම ඉන්නව.!"
"යාහ්... ඔයා කව්ද මට ඕඩර්ස් දෙන්න. අනික ඔයා ඉන්නෙ මගෙ ආරක්ෂාවට. ඔයාට මාව protect කරගන්නවත් බැරිද."
"ඒක නෙවෙ ප්‍රශ්නෙ. ඔයාගෙ තාත්තා මේක දැනගත්තොත්."
"ඔයා නම් මහ බය ගුල්ලෙක්.!"
ජන්කුක්ට ඒ වතාවෙ නම් eun ae කියපු කතාවට කේන්ති ගියා. මොකද ජන්කුක් බය ගුල්ලෙක් නෙවෙ. එයා තමයි හැමවෙලේම ටීම් එකේ හොදම කෙනා. ඉතින් ජන්කුක්ට ඕන උනේ නැ තවත් eun ae කියන වැඩකට නැති කතා අහන්න.
" ok.. නගිනව කාර් එකට.. හැබැයි උපරිම පැයයි තමුන්ට දෙන්නෙ. කරන මගුලක් කරන් ඉක්මනට එනව."
Eun ae ඉස්සිලා ජන්කුක් ගෙ කම්මුලට කිස් එකක් දීගෙන එළියට බැහැලා කාර් එකට ගියා.
"යහ්හ්....!! මං කව්රු කියල ද හිතන් ඉන්නෙ?"
ජන්කුක් කෑ ගැහුවට වැඩක් නෑ. කාර් එකට නැගල හෙඩ් සෙට් එක දාන් ඉන්න eun ae ට කිසි දෙයක් ඇහුන්නෑ. ජන්කුක් ඔරෝගෙනම ගිහින් කාර් එකට නැග්ගෙ eun ae ව club එකට එක්කන් යන්න.
Club ඒරියා එක තනිකරම ඝෝෂාවක් විදිහටයි ජන්කුක්ට දැනුනෙ. ජන්කුක් සාමාන්‍යයෙන් ක්ල්බ් යනව. ඒත් ඩ්‍රින්ස් එකක් දාන්න හිතුනාම ටිකක් ඩීසන් විදිහට ඉන්න පුළුවන් ප්ලේස් වලට. ඒත් මෙතන එහෙම නෑ. අවුරුදු 18 පිරුන තරුන ළමයි මෙතන තනිකරම ඩ්‍රග්ස් යූස් කරන්න හදාගත්ත තැනක් වගේ. ආපු වෙලේ ඉදන්ම ජන්කුක්ට මෙතන ගැනවත් eun ae ගැනවත් හොද image එකක් මැව්න්නෑ.