🍓🚬..Last Chp..♥️

230 36 41
                                    

පුංචි හිනා සද්දවල් , කිරි සුවදවල් , නැපි මාරු කිරිලි වගේ අලුත් අත්දැකීම් ගොඩක් පිරුන සතියකින් පස්සෙ අමාරුවෙන් උනත් හිත හදාගෙන ජන්කුක් ආයෙම කොරියාවට පිටත් උනේ ජිමින්ගෙ නැති උන සතුටයි උත්තර නැති ප්‍රශ්න වලට උත්තරයි අරගෙන ආයෙ එනව කියල ඒ හිතුවක්කාර මිනී මමාට පොරොන්දු වෙලා.

මූන් ශේඩ් පැක් එකේ මැන්ශන් එකේ ඩෝ බෙල් එක උදේම නාද උනේ ජන්කුක්ගෙ හදිසි පැමිණීම හින්දා.

" ඔ.. ඔයා.....!"

"කව්ද නෝනෙ.. ?"

මින්ජේ ඇහැව්වෙ තවමත් ඇතුලට නාපු අමුත්තා දිහා පුදුමයෙන් බලන් ඉන්න ජිමින්ගෙ ඔම්මාගෙන්.

" ජන්කුක්... ඔහේ මොකද මෙහෙ කරන්නෙ.."

"මට ඇතුලට එන්න පුළුවන් ද ?"

"නෑ... කොහෙත්ම නෑ.. ! යනව... දැන්ම ම මෙහෙන් යනව."

"මං දන්නව ඔයාගෙ කේන්තිය සාධාරණයි මින්ජේ.. ඒ උනත්..  මෙතන ඔයාගෙ පුතාට අසාධාරණයක් වෙනව නේද ?"

"තමුන් එනවද මට සාධාරණය අසාධාරණය මොකද්ද උගන්නන්න ..  තමුන් හිතුවද මං තමුන් වගේ මැරයෙක් කියල.."

"අහ්..හා...අහ්.... අන්න එතන පොඩි ගැටලුවක් තියෙනවා මින්ජේ ... මං ආවෙ ඒ ගැටලුව නිරාකරණය කරන්න.. අනික මං මිනීට පොරොන්දු උන විදිහට ඒක ඉශ්ට කරල මිසක් අද මෙහෙන් යන් නෑ. "

"තමුන් මොනවද කියවන්නෙ..?"

"අප්පා... එන්න ඇතුලට !"

ජන්කුක් ඇවිත් හිටියෙ තනියම නෙවෙයි.. ඒ එයාගෙ අප්පත් එක්ක.

"ස... so hyun සර්.... !"

"Jeon so hyun !"

එතකොට තමා මින්ජේට තේරුනේ. Jeon jungkook ... jeon so hyun..

"එතකොට..."

"පටලවා ගන්න දෙයක් නෑ මින්ජේ.. මේ ඉන්නෙ මගේ පුතා.. golden pack එකේ ඊලග උරුමක්කාරයා. Jeon jungkook ! එයා මෙච්චර කල් වැඩ කලේ secret officer කෙනෙක් විදිහට."

ජන්කුක්ගෙ අප්පා වැඩි වැල් වටාරම් නැතුව අවශ්‍ය ටික විතරක් කියල දැම්මා. ජන්කුක්ට කාරණාවට එන්න ඒ ටික හොදටම ඇති.

"මං දැන් නම කියල කතා කරන්න ඕන නෑ කියල මං හිතනව.. එහෙම නේද අංකල්.. ආන්ටි...!"

Strawberries & Cigarettes✅ [Jikook|Fantasy]Where stories live. Discover now