"මොනාද මේ කොල්ලා කියවන්නෙ ?"
මින්ජේ හිටියෙ ටේ අහන්න දීපු වොයිස් මැසේජ් එක අහල ඔලුව විකාර වෙලා. එයාගෙ පුතා ...., පැක් එකේ වගකීම තියෙන ඔමෙගා මේ තරම් බොලද උනේ කවද ඉදන් ද කියල මින්ජේට හිතාගන්න බැරි උනා.
"මං හිතුවෙ නෑ මිනී මේ තරම් නොසැලකිලිමත් කියල "
"අනේ අපෙ මහත්තයා.. දරුවට දොස් කිය කියා ඉන්නැතුව මොනව හරි කරන්න බලන්නකො"
"මොනව කරන්නද ? මොනව කරන්න කියල ද මට කියන්නෙ ? ෆෝන් එක සිම් එක ඒ කිසිම දෙයක් ගැන හොයාගන්න බෑ. වැඩ කරන්නෑ.. කොහොමද මං නම්බර් එක tap කරන්නෙවත්."
මින්ජේ ටිකක් සැරෙන් කිව්වෙ ජිමින්ගෙ ඔම්මට. කොහොමත් මින්ජේට හොයා ගන්න බෑ. මේ වෙද්දි ජන්කුක් කරන්න ඕන දේවල් කරල.
"ඔයා නම ගිය police officer කෙනෙක් නේද.. ඇයි ඔයාට බැරි දරුවව හොයා ගන්න ඔයාගෙ පවර්ස් යූස් කරන්න ආහ්...."
"කට වහගන්න. ඔයා මේව දන්නෑ. "
මින්ජේට ජන්කුක්ට විරුද්ධව මොකුත් කරන්න බෑ.එහෙම කලොත් එයා මෙච්චර කල් හදාගෙන ආව හොද නම එහෙන් පිටින්ම විනාස වෙලා යනව. මොකද මින්ජේගෙ හිත හොදටම දන්නව එයාට මේ තනතුරු ලැබුනේ ජන්කුක් හින්ද කියන්න. ජන්කුක් කම්ප්ලීට් කරන මිශන් නිසා මින්ජේ තව තවත් එයාගෙ රැකියාවෙ ඉහලටම ගියා.
ජන්කුක් නිසා ඒ දේවල් ගරු නම්බු ලැබෙද්දි ම්න්ජේට ජන්කුක් කව්ද කියන එක ප්‍රශ්නයක් උනේ නෑ. ඒත් අප්පා කෙනෙක් විදිහට , පැක් එකේ හෙඩ් ඇල්පා විදිහට මින්ජේ මෙතනදි අසරණයි.
"ඔයාගෙ නීතියි ඔයාගෙ ඔය ලොකු කමයි හින්දා දරුව නැති කරගන්නද හදන්නෙ. ඔයාට තේරෙන් නැද්ද අර මනුස්සයා කොයි තරම් භයානක ද කියල. දෙයියනේ මගෙ අහින්සකයා .. !"
ජිමින්ගෙ ඔම්මා ඔලුව අල්ලන් සෙටියට බර වෙද්දි ටේ ගිහින් එයාව සැනසුවා.
"ඔයා බය වෙන්න එපා ආන්ටි. මං ජිමිනාව බලන්නම්. අපි කොහොම හරි ඉක්මනට එයාව හොයාගමු."
"ඔහෙත් එක්ක ඉද්දිනෙ අරූ අපූරුවට මගෙ කොල්ලව ඩැහැගෙන ගියේ. දැන් කියවනව බොරුවට."