…වසර 3 කට පසු …
____________________"දැදා... කෝ ඉන්න... මේ පැත්ත බාන්නකො අනේ... තා තුත්තයි.."
"අයියෝ.. දැන් රැ වෙලා ගිහින් නිදාගන්නකො.... "
"අනේ තුත්තක් ඉන්න... මමා ආවම දොයියමූ. කෝ මේ බාන්නකො... "
"ඇති ඇති දැන් "
"හලි... අනාව්... දැදා දැන් ලත්තනයි. "
"ඉවරයි නේ ... හරි දැන් මෙව්ව හෝදමූ.."
"අපා අපා... මමාත පෙන්නල ඉමුකෝ... මමාආආආ....... මේත එන්නකූ.... "
"අර්ශ්... එපා එපා... මෙ..."
ඒප්රන් එකකුත් ඇදගෙන ජිමින් සෝස් පෑන් එකත් උස්සන් කාමරේට දුවගෙන අප්පයි දුවයි බෙරිහන් දිදී මොනාද කරන්නෙ බලන්න. ජිමින්ගෙ පස්සෙන්ම බනානා මිල්ක් එකත් අත් දෙකින්ම බදාගෙන පුංචි මින්ගුක්ත් දුවගෙන ආවා.
"මොකද බෙරිහන් දෙන්.... 😂😂😂😂"
ජිමින්ට දැක්ක දේ නිසා හිනාව නවත්තගන්න පවා අමාරු උනා.
ජන්කුක්ගෙ තොල් රතුම රතු පාටයි. තොල් විතරක් නෙවෙයි නිකට කම්මුල් ඔක්කොම. පව්ඩර් නාවලා. ඇහි බැමි තදම තද කලු පාටයි. නහය මැද්දෙනුත් ලොකුම ලොකු ලිප්ස්ටික් බෝලයක්. කොන්ඩෙට පාට පාට පුංචි පුංචි හෙයා බෑන්ඩ් ගොඩක් දාලා. එතකොට මින්කුකී ජන්කුක්ව මේකප් කරලා.
"මොකද ? හරි හිනා නේ "
ජන්කුක් ඇහුවෙ මූන නානු කරගෙන ජිමින්ට රවන ගමන්.
"මමා ... අයි හිනාවෙන්නෙ ...දැදා ලත්තනයි නේද... "
"ඩැඩා ලස්සනයි තමා ඒක නෙ මමා මං එක්ක ආවෙ..."
"මන්...? ආවා ? ඔයා එක්ක ? ආවද නැත්තං..................????"
ජිමින් ඇහැව්වෙ ඇහිබැමකුත් උඩට උස්සන ගමන්..
"හරි හරි ... ඔය ඇති... 😒 බලෙන් තමා උස්සන් ආවෙ. "
"දැදා අයි මමාව උස්සන් ආවෙ "
දීපන්කො දැන් උත්තර.
මින්කුකී මින්ගුක් නිවුන් දරුවො උනාට දෙන්නා වෙනස්. විශම නිවුන්නු කියන්නෙ. ආන් එහෙම.
මින්කුකී කට කාරයි. ජිමින්ගෙ පෙනුමමයි. පුංචි ගිරවියක් වාගෙ ලෝකෙම නැති ප්රශ්න අහන එකමයි කරන්නෙ. එයාගෙ එක ප්රශ්නෙකට කෝම හරි දෙයක් කියල උත්තර දුන්නම ඒ උත්තරේනුත් ප්රශ්නයක් අහන්නයි පුංචි කෙල්ල පුරුදු වෙලා හිටියෙ. වැඩිපුරම ආදරේ එයාගෙ ඩැඩාට. ඩැඩා වැඩට ගියාම නම් මමා පස්සෙන් කැරකි කැරකි ඉන්නව.