යුංගි කොහොමත් එයාගෙ ඔමෙගා නැති උනායින් පස්සෙ මෙහෙ ජීවත් උනේ නෑ. එයා එයාගෙ music life එකත් එක්ක ජීවත් උනේ Tokyo වල. ඉතිං යුන්ගි එහෙ idol කෙනෙක් විදිහට එයාගෙ වැඩ කටයුතු කරන් ගියා. මාස ගානකට මෙහෙ ආව වෙලේ තමා පාලුවෙන් තනිකමෙන් ඉදපු යුන්ගිගෙ ජීවිතේ ට හෝසු ආවෙ. ඒකත් එයා පොඩ්ඩක්වත් කැමති නැති ජන්කුක්ගෙ ටීම් එකේ කෙනෙක් විදිහට. හෝසුගෙ දගකාරකමට අමුතු ගල් හිතක් තිබ්බු යුන්ගි කැමති උනා.
යුන්ගි කොහොමත් මෙහෙ ඉන්න අදහසක් තිබුන්නෑ. එයා හෝසුවත් අරන් ආයෙම tokyo යන්න ලෑස්ති වෙලයි හිටියෙ. දැන් එයාල දෙන්නා විතරක් නෙවෙයි ජිමිනුත් එයාලගෙ ගමනට එකතු වෙලා.
යන්න කලින් ඔම්මවයි අප්පවයි බලන්න ඕන කියපු නිසයි යුන්ගි ජිමින්ව මූන් ශේඩ් මැන්ශන් එකට එක්කන් ආවෙ. ඒකත් හරිම ටික වෙලාවකට. මොකද ජන්කුක්ට සිහිය ආවම කොයි වෙලාවෙ ජිමින්ව හොයාගෙන එයිද දන්නෑ.
"මගෙ දරුවව හොදට බලාගන්න.!"
පිටත් වෙද්දි ජිමින්ගෙ ඔම්මයි මින්ජේයි යුන්ගිටයි හෝසුටයි ජිමින්ගෙ වගකීම පැවරුවෙ ඒ විදිහට. ජිමින්ගෙ ඔම්මා ජිමින්ගෙ බෑග්ස් ඔක්කොම ඉක්මනට ලෑස්ති කරලා දුන්නා.
"ඔම්මා....පුළුවන් නම් ටේට කතා කරල කියන්න. මං එයාට ඉක්මනටම කතා කරන්නම් කියන්න."
"කව්ද ටේ?"
යුන්ගි එකපාට්ට මැද්දට පැනල ඇහැව්ව.
"එයාගෙ එකම යාලුව අනේ."
හෝසු කියද්දි යුන්ගි සද්ද නැතුව පැත්තකට උනේ ඔලුවෙ මොකක්හරි අදහසක් දලු දාද්දි.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
පැය ගානකට පස්සෙ ජන්කුක්ට සිහිය එද්දි ජන්කුක් හිටියෙ බෙඩ් එකේ. එයාට වෙච්ච දේවල් එකින් එක පෙලට මතක් වෙන්න ගත්තා."අර්හ්හ්....මගෙ ඔලුව !"
ජන්කුක් ඔලුව දෑතින්ම බදලා අල්ලන් අමාරුවෙන් නැගිට ගත්තා. බ්ලීඩ් වෙන්නෙ නම් නෑ. පැලෙන්න තරම් තදින් හෝසු ගහල නෑ. එහෙම උනා නම් ජිමින් කොහොමටවත් ජන්කුක්ව තනියම දාලා යන්නෙ නෑ. කොහොම හරි ඉවසන් එයා එක්කම ඉදී.