පිවිසුම

995 31 14
                                    

යථාර්ථයෙන් ඩිටෑච් වෙලා හැංඟෙන්න හිතිලා නැද්ද ෆැන්ටසි අස්සේ...සදහටම බැරිවුණත්, පැය කිහිපයකට හරි?

ඉතින් මේ අපි එහෙම සැඟවෙන්න මවපු අලුත් විශ්වය
අයිරිස්

මේ විශ්වයට අයිතිකාරියෝ තුන්දෙනෙක් ඉන්නවා
NirMad238
kts2009
සහ මේ කතාව ලියන මම.

අයිරිස් කියන්නෙ ලෝක හතක් සහිත විශ්වයක්. ඒකෙන් මේ කතාව මම වියන්නෙ
විශ්වයේ ඈත කොනේ පිහිටි අඩ අඳුරු කැසෙන්ඩ්‍රා රාජ්‍ය
සහ
එහි අසල්වැසි වර්ණවත්, නිස්කලංක බානබස් රාජ්‍ය අමුණලා.

මේ කතාව අයිරිස් කියන BL කතාවේ සුළු චරිත දෙකක ස්ට්‍රේට් ස්පින් ඕෆ් එක. ඉතින් මෙහි එන නම්ගම් සහ අයිරිස් කන්සෙප්ට් එක අපි තුන්දෙනාටම අයිතියි.

කැසෙන්ඩ්‍රාව කියන්නෙ අයිරිස් විශ්වයේ හිරුට ඈතින්ම පිහිටි අඳුරු ලෝකයක්. දවසෙන් වැඩි කාලයක් අඩ අඳුරේ තියෙන මේ රාජ්‍යයේ, ගිනි කඳු , ලෝහ නිධි බහුලයි. වගාවන් කරන්න හිරු එළිය නැති නිසාම ආහාර සඳහා ඔවුන් අනෙක් ලෝක මත යැපුනා. අවි ආයුධ සහ ලෝහ නිෂ්පාදන ඔවුන් අනෙක් ලෝකවලට ලබා දුන්නා.

බානබස් රාජ්‍ය කියන්නෙ කැසෙන්ඩ්‍රාවේ අසල්වැසියා. නමුත් පිහිටීම අනුව ශාක වර්ධනයට අවැසි ප්‍රශස්ත මට්ටමින් ඔවුන්ට හිරු එළිය ලැබෙනවා. ඒ නිසාම ශ්වේත ඍතුව සහ හරිත ඍතුව කියන ඍතු දෙක එක් අයිරිස් වසරක් තුළ ඔවුන්ට අත් දකින්න පුලුවන් . සත්ලොවටම ඖෂධ නිෂ්පාදනය කළේ බානබස් රාජ්‍යයෙන්.

අයිරිස් කතාව සහ දූවිලි තාරකා යම් තැනකදි සමාන්තර ලෙස දිග හැරුණත්, අවසාන කොටස්වලදි පැටළුම් අඩු කිරීමටත්, ප්ලොට් එකේ සරල බව සහ මෙහි එන චරිත දෙකට වැඩිපුර ෆෝකස් කිරීමත් අරමුණු කරගෙන අයිරිස් හි අවසානය සහ මෙහි අවසානය යම් මට්ටමකට වෙනස් කරන්න මට සිද්ධ වුණා.

අයිරිස් විශ්වයේ එක් එක් ලෝකවලට ආවේණික මායාවන් කතාව තුළදි දැනගන්න පුලුවන් .

හැම ලොවකම මායා බලය තියෙන්නෙ රාජකීය රුධිරය හිමි අයට විතරයි.

Athelsten Zade Dryden ඇතෙල්ස්ටන් සේඩ් ඩ්‍රයිඩන් කැසෙන්ඩ්‍රාවේ ඔටුන්න හිමි කුමාරයාමායා බලය - මිනිස් සිරුරට නුසුදුසු  වෙනස්කම් ඇති කිරීම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Athelsten Zade Dryden
ඇතෙල්ස්ටන් සේඩ් ඩ්‍රයිඩන්
කැසෙන්ඩ්‍රාවේ ඔටුන්න හිමි කුමාරයා
මායා බලය - මිනිස් සිරුරට නුසුදුසු  වෙනස්කම් ඇති කිරීම

පියා - ඇතෙල්ස්ටන්  රජු
මව - ෆියෝනා රැජිණ
සහෝදර සහෝදරියන් නැත
මාමා - සිල්වර්ස්ටන් ඇමති

Astrea Nesrine Augustus
ඇස්ට්‍රියා නෙස්රයින් ඔගස්ටස්
බානබස් හි ඔටුන්න හිමි කුමාරිය
මායා බලය - මිනිස් සිරුර සුව කිරීම

පියා - ඔගස්ටස් රජු
මව - මේරිඩත් රැජිණ
ඥාති සහෝදරයා - කොලින් කුමරු

සේඩ් මුල්වරට නෙස්රයින් ව දකිද්දි සේඩ්ට වසය අවුරුදු 13යි, නෙස්රයින් ට 10යි. ඉතින් මේ කතාව දීර්ඝ වෙන්න හේතුවත් ඔවුන්ගේ ළමා කාලයේ ඉඳලා ලියවෙන නිසා...

අයිරිස් විශ්වයට ආදරයෙන් පිළිගන්නවා කියවන්න ආව ඔයාව.... 🌟

තෑන්ක්ස්
කැසෙන්ඩ්‍රාවේ සිට ආදරයෙන්
මෑඩ්

පළමු කොටස
👉👉👉👉

🌓 දූවිලි තාරකා 🌓 [COMPLETED]Where stories live. Discover now