#හයවෙනි_කොටස 💜️
කතාව පරක්කු වුණා සොරි වෙන්නෝන කෙල්ලනේ..
අරූ ටක් ගාලා ඇඳුම් ඇඳගෙන මුකුත් නොවුණ විදිහට එළියට ගියේ මට කලින්..මං උට යන්ඩ දුන්නා..මොකද මට වෙන්ඩ ඕනි දේ වුණා..මූ දැන් ගිහින් ඔක්කොටම කියයිවත්ද...නෑ නෑ එහෙම වෙන් නෑ..මූ මොනා කියන්න ද..ඒත් බන් පපුව ගැහෙනවා..ෂිට් මං කරේ වැරැද්දක් ද...මට මාව පාලනය කරගන්ඩ බැරුව ගියා..ෂිහ්....මාත් තව විනාඩි දහයක් වගේ ඉඳලා එළියට යන්න හදද්දියි මතක් වුණෙ මගෙ කමීසෙ ඒක අරු අරන් ගියා කියලා...මං දොර ඇරලා දෙපැත්තට ඔලුව දාලා බලන්දිනුයි දැක්කේ අරූ ඒක අයන් කරලා ගෙනත් තියලා ගිහින් කියලා...මං ටක් ගාලා ඒකත් අරන් කාමරේට ආවේ බැනියම ඇඳගන්නත් එක්කම...ඒක ඇඳගෙන සුටුස් ගාලා මං එන්න හදන්දින් දැකපු දෙයින් තමයි මගේ කකුල් දෙකත් එක්ක ගැහිලා ගියේ...රත් වෙලා ගිය පපුවෙ සද්දෙ මටත් ඇහෙන්න ගත්තෙ දොරට උඩින් හතර වටේටම රතු පාට තිතකුත් එක්ක කැරකි කැරකි තිබ්බ සී..සී..ටීවී කැමරා ටික දැක්කට පස්සෙ...
අඩෝ..දැන් මොකද කරන්නේ..සන්දීපයා අඩෝ..මට කකුල් දෙකත් එක්ක වෙව්ලනවා..මොකද දැන් කරන්නේ..ෂිට්...හැමදේම ඉවරයි...යසයි මටත් තියෙන්නෙ අධිමෝලනෙ...මොකද යකො කරන්නෙ...මට චුට්ටකින් ගණ දෙවි නුවණ පහළ වුණා..මොකද්ද මං දැන් කරන්න ඕනි කියලා...මං ටක් ගාලා ඇඳුමත් ඇඳගෙන ඉස්සරහට යනකොට අරූ ජනිතයා සන්දීප් එක්ක කයියක...අඩෝ මාට්ටු වෙලාවත්ද...මට අරූගේ මූණ බලන්න බැරි කමක් ආවා..මූ සදීපයට හැම රෙද්දම කියලවත්ද..
"කරන කලට පව් මිහිරිය මී සේ...
විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ......... කිව්වලු.."මං වෙනසක් පෙන්නන්නෙ නැතුව ඉක්මනින් උන් ගාවට අඩියට දෙකට ගියා...
"මං හිතුවෙ උඹලා දෙන්නා මේ සීතලේ බුදියව්වා කියලා..."
සන්දීපයා කනට ගහලා ඇරියා වගෙ කියලා දැම්මම මගෙ කටෙ කෙළත් හිඳුණා...
"අඩෝ..මං අරූට දුන්නා ෂර්ට් එක අයන් කරන් එන්ඩ කියලා..ඌ පරක්කු වුණානේ..ගේන්ඩ...කෝ බන්..සර් ආවද.." ?
"නෑ..සර් ආවේ නන් නෑ බන් තාම..වැස්සනෙ..වැස්ස පායනකන් ඉන්නවා ඇත්තෙ..ඒක නෙවෙයි...උඹ අයන් සෙක්ෂන් එකේ එවුනුත් දන්නවද.." ?
YOU ARE READING
🌊වැහිකෝඩ | Non - Fiction
Non-Fictionකොලු හැඟීම්,කොලු වචනෙන්ම ලිවීමි ! 🔞 මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.මෙහි...