#හතලිස්වන_කොටස 💜️
නුරාග් එකපාරටම මාව ළඟට කරන් බදාගත්තෙ මට හිතාගන්ඩවත් තප්පරයක් නොදී..ඒ වචනයක් වචනයක් ගාණෙ මගේ පපුව අස්සටම කිණිස්සකින් ඇනගෙන ඇනගෙන ඇනගෙන යනවා වගේ...මං අත අයින් කරගෙන නුරාග්ගෙ ඇඟ වටේ අතක් දාගෙන මට තුරුලු කරගත්තා..තව ටිකක් පපුවටම තද කර ගත්තා..මට ඇඬුණා ඒ වචනවලට..දැනුණා හුඟක් කප්පරක් තරම්..
"නු..රාග්..මගේ පොඩි එකෝ..."
"පහන්.."
"මොකද්ද දැන් උඹ කියන්නේ...එතකොට ඊයෙ හිටියෙ.."
"ඒ ඔක්කොම රඟපෑමක් විතරයි පහන්..අපි යං ගිහින් ඉඳගෙන කතා කරමු..මට යන්න වෙනවා ඉක්මනින් මට වෙලා නෑ පොඩ්ඩක්වත්..පහන් විඳවන විඳවිල්ල මට තවත් ඉවසන් ඉන්න බැරි නිසයි මං මේ කොහොමහරි බොරුවක් කියල ගෙදරින් පැන ගත්තේ.."
"මට තේරෙන් නෑ නුරාග් මුකුත් ම..මුකුත්ම තේරෙන්නෙ නෑ.."
"මට එක වචනයක් හරි කියන්න දුන්නද..එදා ඒ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මේ වෙනකන් මං හැම දෙයක්ම හැමදාම කරේ රඟපාන එක විතරයි..ඒ උඹ නිසා..උඹම නිසා විතරයි...උඹ මං නිසා විඳවන විඳවිල්ල දැන ගත්තට පස්සේ මං කොහොමද බන් සතුටින් ඉන්නේ.."
"මෙච්චර කල් කොහෙද හිටියේ.." ?
"අපි අපේ කොළඹ තියෙන ගෙදර හිටියේ..මෙහෙ තියෙන ප්රශ්නත් එක්ක තවත් මෙහෙ ඉන්න පුළුවන් කමක් තිබ්බේ නැති නිසා අපි ඔක්කොටම එහෙට්ට යන්න වුණා..කොහොමෙන් කොහොමෙන් හරි මගේ කටින්ම උඹ ගැන හැම දෙයක්ම පිටවෙලා තිබ්බා..මං පහන්ට ආදරේ කරා කියන එක ඒක අපේ ගෙදර ඔක්කොම දැනගත්තා..මං හොස්පිටල් එකෙන් ලීව් වෙනකන්වත් මට පෝන් එක අල්ලන්නවත් දුන් නෑ..එදා ඇක්සිඩන්ට් එකෙන් පහන්ට වගේම මටත් ගොඩක් අමාරු උනා..මගේ කකුලකට ගොඩක් ඩැමේජ් උනා..තාමත් කකුල පොඩ්ඩක් ඇදයි..පහන්ට උන දේ අහලාමට ඉන්න තැනක සැනසීමෙන් ඉන්න පුළුවන් උනේ නෑ..මට මගේ හැම දෙයක්ම නැති වුණා වගේ දැනුනේ..ඒත් පහන්ගෙ හිතේ මං ගැන හැඟීමක් තියෙනවා කියලා දැන ගත්ත දා ඉඳලම මං ආපහු ජීවත් වෙන්න පටන් ගත්තා වගේ දැනුණා..මං හිතුවෙ නෑ පොඩ්ඩක්වත් ඒ වෙච්ච දේ නිසා පහන්ගෙ හිතෙ එහෙම හැඟීමක් ඇතිවෙයි කියලා..එදා මගේ කටින් හොස්පිටල් එකේ ඉන්නකොට ඔක්කොම දැනගෙන..එදායින් පස්සේ මට තනියම හෙල්ලෙන්නවත් දුන් නෑ..මට පුළුවන් තරම් නීති දැම්මා.."
YOU ARE READING
🌊වැහිකෝඩ | Non - Fiction
No Ficciónකොලු හැඟීම්,කොලු වචනෙන්ම ලිවීමි ! 🔞 මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.මෙහි...