#පනස්_එක්වන_කොටස_💜️
"අනේ මන්දා අක්කේ පිස්සු හැදෙන්න කලින් ගිහින් දොස්තර කෙනෙක්ට පෙන්නන්ඩ.."
"අපිටත් ලැජ්ජයි මෙහෙම ඉන්නවා කියද්දි..ඇයි අක්කට තමන්ගෙ දරුවව හදාගන්න බැරි.."
"අපේ සංස්කෘතිය කනවා..මෙච්චර කල් මේ වැල්ලේ නූන දේවල් දැන් වෙන්නෙ..වැල්ලටත් ලැජ්ජාවක් නංගියෙ.."
"මොනා කරන්නද බන් අක්කේ..පෝන් ගෙඩි කොටලා මුන්ගෙ ඔලු විකාර වෙලා තියෙන්නෙ දැන්..ඉක්මන්ට ගිහින් බෙහෙත් අරන් දෙන්ඩ.."
"අපේ දරුවෙක් පාරෙ යවන්ඩත් ලැජ්ජයි..බයයි..අපේ උන්ටත් කරදර කරයි.."
"ඕකට කියන්නෙ අසහනෙ..වේසකම කියලා..මොන නවනින්ගිරා වැඩක්ද..අපේ කාලෙ ඔහොම වුන් නෑ කුසුමො.."
"පුලුවන් දෙයක් කරලා කොල්ලට කියන්ඩ..අක්කටත් විලි ලැජ්ජ නැද්ද අක්කේ.."
"මිනිස්සු කෙල ගහයි කුසුමා මූණට..මේවට කියන්නෙ ලෙඩ.."
"ඕකව වැල්ලෙන් ගහලා පන්නන්ඩ ඕනි.."
අම්මට මේ වගේ ජරා කතා හැම දිහාවෙන්ම ඇහෙන්න ගනි..
ඔක්කොටම මූණ බලන්න බැරි වෙයි..
අම්මගෙ මූණට කට කැඩෙන කතා කියයි..
ඒ මං හින්දා..
අම්මට වහ කන්න හිතෙයි කොච්චර වුණත්..
කවදාවත් කාගෙන්වත් කතාවක් අහපු නැති අම්මට වෙන්නෙ එකේකා ළඟ ලැජ්ජ වෙන්නද..
මං තරම් පව්කාරයෙක් තවත් නැතුවැති..
ප්රශ්න පිට ප්රශ්න..
අම්මගෙන් ආපහු පොලියට ගන්න කවුරුත් එන්නෙ නැති වෙයි..
තාත්තට මුහුදු යන්න වෙන්නෙත් නෑ...
චූටිට උට ප්රශ්නයක් වෙනේකක් නෑ...
හෙට අනිද්දම ඌ යයි මෙහෙන්..
ඒත් අම්මා හැම තප්පරයක් ගාණෙම මැරි මැරි ඉපදෙයි මගෙ පව්කාරකම් නිසා.."ඕයි..තමුසෙ දැන් කීයෙ ඉඳලද නාන්නේ.."
මං හරි සිහියට ආවේ චූටිගෙ සද්දෙන්..මං පිට පිට තව වතුර බාදි දහයක් විතර ඔලුවට හලාගත්තා..
"පිස්සු හැදීගෙනවත් එනවද ඕයි..දැන් හයත් පහුවෙලා..ගෙදර එද්දි පහයි කාලයි.."
"මං එන්නං..උඹ යමන්.."
"බෑ..බෑ වරෙන්..උඹ අද මොකක් හරි දෙයක් ගැන වද වෙනවා.."
YOU ARE READING
🌊වැහිකෝඩ | Non - Fiction
Non-Fictionකොලු හැඟීම්,කොලු වචනෙන්ම ලිවීමි ! 🔞 මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.මෙහි...