වැහිකෝඩ 60

1.1K 75 17
                                    

#හැටවන_කොටස 💜️

"උඹ අම්මට හෙන ආදරෙ නේ.."

"සිරා බන් අම්මා කියන්නෙ මගේ ලෝකෙ වගේ..මට ඉන්නෙ අම්මා විතරනෙ..අම්මව සනීප කරගන්න ඕන..උඹ අපෙ අම්මව දැකලා නෑනේ..යමන්කො දවසක ගිහින් එන්න..උඹ දන්නවද දන් නෑ.."

"නිවාඩුවක බලමු..එහෙනම් යමන් පාඩම් කරන්න.."

ලෙක්චර්ස් තිබ්බෙ නැති නිසා අපි කාලා කරලා දෙක වෙනකන් වගේ පාඩම් කරා..ඒ අස්සෙ සින්නො ටිකක් අපේ කෙල්ලොන්ව රැග් එකට අල්ලන්..උන් හිතන් ඉන්නෙ අපි තාම ජුන්නො කියලා...හෙට අනිද්දා අලුත් උන් එන්නත් ඉන්නේ..මුන් අපිව තවත් රෙද්දකටද අල්ලගන්නේ..අපි යනකොට තුන් වෙනි බැජ් එකේ කෙල්ලො ටිකක් අපේ කෙල්ලන්ව අල්ලගෙන..

"හා හා ඇති..අල්ලගනිල්ලා අත් ඔක්කොම ටික කවේට..කෝ ඉතින් කවේට හැදියල්ලා..ළඟ ඉන්න එකාගේ කනින් අල්ලගන්නවා..හා දැන් මතකනෙ කිරි කිරි බෝලේ..කැරකියල්ලා සින්දුව කිකිය..රවුමට.."

"හෝව්...හෝව්...කන් දෙක අල්ල ගනිල්ලා...උඹලට එකපාරක් කිව්වම අහන්න බෑද දැන් ආ...."

"ගහනවා බෙල්ල අනික් පැත්තෙන් යන්ඩ..කියන විදිහට කරපන්..උඹ අනික් එකී..උඹ දැන් මේක ඉවරවෙලා වරෙන් අපේ හොස්ටල් එකට ඇවිත් මගෙයි මේ අපි පස් හය දෙනාගේ රෙදි ටිකක් තියෙනවා හෝදලා දාන්ඩෝන හෙට උදේ වෙන්න කලින්..නැත්නම් දන්නවනෙ උඹට ආයෙ අඳින්න ඇඳුමක් ඉතුරු වෙන් නැතිවෙයි.."

අපේ උන් එක්සිබිෂන් එකේ ඉඳලා එන ගමන් වගේ..උන් මහන්සි පිට ඉන්නෙ..එහෙම ඉන්නැද්දි මෙහෙම බලු වැඩ කරන එක නම් නරකයි..එහෙම උනත් මට හිනා ගියෙ අපෙ මජරිගෙ සීන් එක මතක් වෙලා..ඒකි යස්සණි මොකාද කියලා බලන් නෑ නෙලනවා අතේ තියෙන එකකින් ඒකි මෙතන හිටියනම් සින්නියොන්ගෙ අත් කකුල් කඩලා මෙලහකට..මොකද ගිය සැරෙත් උනේ ඕකමයි..කලු උස මහත බෙල්ලක් නැති බතලියෙක්..අපි එහෙම කියන්නෙ අපෙ උන් නිසා..ආපි ඉස්සරෝම දවස් වල ඒකිව ගණන් ගත්තෙ නෑ..ළඟට වත් ගියේ නෑ..ඒත් දැන් ඒ ඔක්කොම වෙනස් වෙලා..අපි වැඩ කරන්නේ අපේ ටීම් එක වෙනුවෙන්..අපි බැජ්ජෙක වෙනුවෙන් එකම කණ්ඩායම් සහෝදරත්වයෙන්..කැම්පස් එකේ art කියන එක අස්සෙ සහෝදරකම කියන එක මාරම විදිහට තිබ්බා..අපි සෙට් එකත් වට වෙලා බලන් හිටියෙ..අපෙ කොල්ලො කොල්ලො ටික ඔක්කොම මෙතන..වලියක් ඇදෙන්න වගේ යන්නේ..අපෙ කෙල්ලෙක් මහන්සි පිට කැරකිල්ල වගේ ඇවිත්ද කොහෙද ඒකි බිම වාඩි උනා ඔලුව අල්ලන්..එකපාරටම පැනපි සින්නියක් ඒකිව බෙල්ලෙන් අල්ලලා නගුට්ටලා කන හරහට දෙකක් දුන්නා..අපි කොල්ලො අපිට මේකට මැදිහත් වෙන්න බැ මොනා උනත්..

   🌊වැහිකෝඩ | Non - Fiction Where stories live. Discover now