#හතලිස්_එක්වන_කොටස 💜️
"මට සතුටුයි යකෝ පට්ට සතුටුයි.."
"උඹ සතුටින් නම් මාත් සතුටින් එච්චරයි හොඳේ..මට මොනාහරි කන්ඩ ගෙනත් දීපන් රයිස් එකක්වත් උඹ වෙනුවෙන් මෙච්චර දේවල් කරාට.."
"ආ..උඹ දැන් ආස එහෙම ද..මට ඔක්කොටම කලින් කියපන් උඹ මොනාද කරේ කියලා.."
"ආ..දැන් උඹ කියන්නේ මම මුකුත් කරේ නෑ කියලා..ආ දැන් බලපං මං උඹට කරන දේ හෙනම්.."
"අම්මේ...අම්මේ.."
"අම්මේ.."
"මෙන්න මූ කොල්.."
මං චූටිගේ කටත් තද කරලා වහගෙන ඇදලා ගත්තා ලඟට...
"ඕයි පිස්සු හැදිලද උඹට..මොලෙ හොඳ නැති වීන් එනවද..." ?
"ආ...ආ....පටන් ගත්තද ආපු ගමන්ම දෙන්නා අල්ලන්න..මං දැන් ආවොත් අරන් එන්නේ කොස්ස දැනගනින් දෙන්නටම.."
"අර බලපන් තෝ කතා කරපු එක අම්මටත් ඇහිලා.."
"ඇහෙන්ඩ තමයි කතා කරෙ..මං උඹට ආයේ කියන්නේ හෙට එනකොට මට ෆුල් චිකන් රයිස් එකක් අරන් වරෙන් හොඳේ.."
"උඹට කටට එහෙම එපාද.."
"උඹට පුකට එපාද.."
"මූ බලපන්කො පොඩි එකා පැහිලා තියෙන විදිහ..අරිනවා දත් දෙකට බඩට යන්න.."
අම්මා එන සද්ද ඇහිච්ච නිසා මං චූටිව අතෑරියා..
"අනේ අම්මපා උඹලා දෙන්නට මං.."
අම්මා ඉණට අතක් තියාගෙන රවාන් ඉන්නවා දොර රෙද්ද අහක් කරලා..
"වෙලාවක උඹල දෙන්නට මං මදි නොකියන්න දෙන්නෙ දැනගනියව්.."
"මොකද්ද අප්පා..මං මේ මුට අද වුණ දෙයක් කිකිය හිටියෙ.."
"ඔව් ඔව් උඹලට මං දැන් කොස්ස අරන් මෙතනට එන්න ඕන උඹලට වෙච්ච දේවල් කියන්ඩ..කනවා මගෙන් වෙලාවක..මුන්ගෙ තියෙන්නෙම බොරුව..සහෝදර ප්‍රේමෙ මං නොදන්න.."
අම්මා ගියා පස්සෙ මං චූටිගෙ ඔලුවටත් දෙකක් ඇනලා නාගන්න කියලා ලෑස්ති උනෙ..
"චූටි මේ.."
"ඇයි..මොකද.."
"කටට ඕනිද.."
YOU ARE READING
🌊වැහිකෝඩ | Non - Fiction
Non-Fictionකොලු හැඟීම්,කොලු වචනෙන්ම ලිවීමි ! 🔞 මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.මෙහි...