#හැටහත්වන_කොටස 💜️
බදුල්ල ටවුන් එකෙන් වාහනේ බිබිල කියලා තිබ්බ ප්‍රධාන පාරකට දැම්මා..වටපිටාව හෙන ලස්සනයි අපි අහස උඩින් වගේ යන්නෙ..වටේ හතර වටේ පන්සල්..කෝවිල් හැමදේම තියෙනවා..ඈත කන්දක් මුදුනෙ පන්සල් ගොඩක් පේනවා..මේක නම් පාරාදීසයක් වගෙ..සිතිජයි මායි කට ඇරන් බලන් හිටියෙ..
"අඩෝ බන් මේ.."
"කියපන්.."
මං ඔලුව වනලා සිතිජට ළඟට වරෙන් කියලා ඉඟි කරා..
"මොකද්ද බන් අර ට්‍රේන් එකේ වොෂෲම් එක ගාව ඉඳලා උඹෙ කලිසමස්සෙන් අහූනෙ.."
"නෙද්දකිම් පරයා..තෝ නම මහ දැන් නම් කොලුකාරයෙක් කියලා තේරෙනවා..යමන්කො යන දිහාවට මට දැන් දැන් තෝ ගැන තේරෙනවා..උඹ බැහැලා ගියෙ ඇයි කියලත් මට දැනගන්න ඕනි කොටුවට එද්දි කැම්පස් එකේ ඉඳලා..තෝ අර චමත්කයා එක්ක කොල්ලො ග..හ.."
මං පොල්ලක් අරන් ඔලුවට ගහන්න වගේ පෙනුමකින් සිතිජ දිහා බැලුවා..
"සො..සොරි සොරි උඹ ඌ එක්ක සීන් එකේද..." ?
"උඹට පිස්සුද බල්ලො..කට වහන් යමන්..මේ කොහෙද කියලා දන්නවද මේ පැත්තට කියන නම.." ?
"පස්සර ද මොකද්දනේ..එහෙම දැක්කෙ.."
මං ඉස්සරහ උන්නු සෙනේශයගෙ අයියට නෑහෙන ගාණ්ට කිව්වෙ නම්බුව රැකගෙන..මොකද මං දැක්කා ඉස්සරහ තියෙන අර මිරර් එකෙන් අපි දිහා කීප වතාවක් බලනවා..ඌත් සෙනේශ් වගේ සුදුයි..සුදුයි කියන්නෙ අර දෙමළුන්ගෙ තියෙන්නෙ කහ පාට..අන්න ඒ පාට..ඒ වගෙ..උසයි..රැවුල වවලා හෙන රෙස්පෙක්ට් විදියට ඉන්නේ..යන වාහනෙ දැක්කහම කියත හැකි යන්නෙ මොන වගෙ දිහාවකටද කියලා..මං එහෙම්ම ෂටර් එකට ඔලුව තියාගෙන පහුවෙන දිහාවල් දිහා ඕනිකමක් නැතුව ඔහේ බලාගෙන හිටියේ මට මහන්සියටත් එක්කම ඔළුව කැක්කුමකුත් ආපු නිසා..
"පහන් නැගිටිනවා බහින්න ළඟයිලු.."
"ඒයි.."
"අහ්..හහ්..හ්ම්.."
මං ඇහැරිලා ඇස් දෙක පිහදාන් වටපිට බැලුවා..තේ වතු මැද්දෙන් අපි යන්නේ මේ..කන්දක් උඩද මං දා ඉන්නේ..මීදුමත් ලාවට තිබ්බට හෙන සීතලක් දැනුණා..ටික වෙලාවකින් කාර් එක වටකරපු තාප්පෙකුත් එක්ක ලොකු ගේට්ටුක් ඉස්සරහ නැවතුණායින් පස්සෙ ටිකකින් ගේට්ටුව ඇරුණා..අප්පට තට්ටු දෙකේ හෙනම ලොකු ගෙයක් ඇස් ඉස්සරහ තිබ්බේ..ගෙයක් නෙවෙයි පරණ වලව්වක් වගේ..කාර් එක පාර්ක් එකට දාලා නැවැත්තුවා පස්සෙ අපි කාර් එකෙන් එළියට බැස්සා..මාරම ලස්සනයි..මුලු වත්තෙම බිම රටාවකට ඉන්ටර්ලොක් ගල් අල්ලලා තිබ්බා..වත්ත පුරාම වැඩිපුරම තිබ්බෙ මොකද්දො මල් වගයක් වවලා..අර පෙති ගොඩක් තියෙන්නෙ..අල වලින් හැදෙන්නේ..සීතල පැතිවල..මං බණ්ඩාරවෙලත් දැක්කා එද්දි..නම මතක නෑ..මල් වවලා..පාට පාටින් මල් වත්තක් වගේ..අපි වාහනෙන් බැහැලා ඔක්කොම ටික ගේ ඉස්සරහට එද්දිම සෙනේශ්ගෙ අම්මා පත්තු කරපු පහනකුත් අරන් ඉස්සරහට එද්දි සෙනේශ්ගෙ තාත්තා කියලා කියන්න පුළුවන් මනුස්සයෙක් එළියට ආවා..අතේ තිබ්බේ දෙමළ පත්තරයක්..
YOU ARE READING
🌊වැහිකෝඩ | Non - Fiction
Non-Fictionකොලු හැඟීම්,කොලු වචනෙන්ම ලිවීමි ! 🔞 මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.මෙහි...