වැහිකෝඩ 26

1.6K 102 11
                                    

#විසිහයවෙනි_කොටස 💜

"හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්.ආර් මුණසිංහ මැතිතුමාට අද උදෑසන හදිසි මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා..අද උදෑසන හතට පමණ එල්ල වූ මෙම අමානුෂික මැර ප්‍රහාරය හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මුණසිංහ මැතිතුමා සහ එතුමාගෙ පවුලේ සාමාජිකයන් ඉලක්ක කොට ගෙන සිදුවූවක් බව පොලිසිය වැඩිදුරටත් සැක පළ කර සිටින අතර මෙම අවස්ථාවේ එතුමාගේ පුද්ගලික රථයේ ‍රියදුරැත් සමඟ පවුලේ සියල්ලන්ම රැඳි සිට ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය මෙහෙවින් බරපතළ බව වෛද්‍යවරු අප මාධ්‍ය වාර්තාකරුවන්ට සඳහන් කර තිබෙනවා..මේ පිළිබඳ වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න..ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට්.."

* * *

"ව..තු...ර ටික...ක්.. වතුර.."

මගේ ඇස් දෙක ආපහු බොඳ වෙලා ගියේ ඇස් වල කඳුළු පිරුණු හින්දා..මං අමාරුවෙන් ඇස් ඇරලා වටපිටාව බැලුවා..මට මුකුත් මතක නැතුව ගියා..මට දැනුණෙ හිස් හැඟීමක් විතරයි..

"මිස් සේලයින් බෝතලයක් අරන් ඇවිත් මේකට දාන්න..ඔයාට දැන් කොහොමද පුතා..අපිව ඇහෙනවද..පේනවා නේද මාව.." ?

"මං..මං..."

"කො..හෙද මේ ඉන්නේ.." ?

"ඔයා මේ ඉන්නේ දෙනිපිටිය හොස්පිටල් එකේ..මතක නැද්ද පුතෙ ඔයාට මුකුත්..." ?

මොනාද වුණෙ මට..මං ඇස් දෙක පියාගත්තා ඔලුව පිටිපස්සෙ රිදෙන නිසා..දරාගන්න බැරි ඔලුව කැක්කුමක් එක්ක මං ආපහු ඇස් ඇරියෙ පැහැදිලි නැති රූප ගොඩක් ඇස් ඉස්සරහ වේගෙ වේගෙන් ඇවිත් ඇවිත් යද්දි..

"මං..මං අන්තිමට හිටියේ නුවර නේද.." ?

"ඔයාගෙ මතකය හොඳයි..ඔව් තව මතක් කරලා කියන්න මට..මොනවද ඔයාට මතක කියලා.."

"ඔයා නුවර ගියෙ කවුරු එක්කද කියලා මතකද.." ?

"ඔ..ව්..මං.."

"මම්..ම්ම් මං ගියේ මගේ මේ..අ ..අර " ?

"මුණසිංහ.."

"ආ..ඔව්..මු...ණසිංහ.."

"මුණසිංහ මන්ත්‍රී..තුමා එක්ක නේ.."

"ඔව් එදා ඔයාලා නුවර ඉඳලා එනකොට ලොකු ඇක්සිඩන්ට් එකක් උනා..ඒකෙන් ඔයාට ගොඩක් අමාරු වුණා..අපි හිතුවේ ඔයාව බේරගන්න බැරිවෙයි කියලා..ඒ තරම් ඔයාගේ ඔලුවට..ඔලුවේ පිටිපස්සට හාර්ඩ් ඩැමේජ් එකක් වෙලා තිබ්බේ..ඒත් දැන් ඔයා සති දෙකකට පස්සෙ අද ආපහු ඇස් ඇරියේ අපිටත් ඔයාගෙ ජීවිතේ ගැන හෝප් එකක් තියලම..ම්ම්..බයවෙන්නෙපා..ඉක්මනට ගෙදර යන්න පුළුවන්..හිතේ හයිය තියාගන්න.."

   🌊වැහිකෝඩ | Non - Fiction Where stories live. Discover now