වැහිකෝඩ 72

1.1K 83 42
                                    

#හැත්තෑ_දෙවන_කොටස 💜️

සිතිජයා මගෙ ඔලුව අතගාලා පිටිපස්ස හැරිලා බලලා එකපාරටම නැවිලා මගේ කම්මුල් අල්ලලා ඉම්බා..මං නොහිතපු දෙයක් එකපාරටම උනා පස්සෙ මං සිතිජයා යනකන්ම ගල් උනා වගෙ උනා..මට හිතාගන්න බෑ ඌවත් මට මෙච්චරටම දැනෙන්නෙ ඇයිද කියලා
ඒ සෙක්ස් කරපු නිසාද..නෑ එහෙම වෙන්න බෑ..මං එච්චරටම පිස්සෙක් නෙවෙයි..අම්මටසිරි අම්මගෙ කෝල් එක..මං ඒක බැලුවා අම්මා කට් කරලා..තව පොඩ්ඩෙන් බුදු සරණයි..

මට මගෙම කියලා හයියකට හෙවණැල්ල වගෙ හිටියෙ ඌ විතරයි..මෙච්චර කැම්පස් එකෙ කොල්ලො කෙල්ලො යාලුවො වගෙ කොච්චර උන් හිටියත් මූ තරම් නෑ දැනුනෙ මේ අවුරුදු දෙකට එකෙක්වත්..මට දැනුණෙම මූ විතරයි මගෙම එකෙක් වගේ..දීප්තගෙන් පස්සෙ එකෙක්වත් ආයෙ මේ තරම් ලං උනෙ නෑ..දීප්ත තරම් නොවුණට ඒ ළඟින්ම සිතිජත් හිටියා හෙවණැල්ල වගෙ..ඒකයි මට මේ තරම් දුක..ඌ ගියායින් පස්සෙ මං හිතුවෙ චමත්ක අයියා එයි කියලා ඒත් නෑ..මං නැගිට්ටෙ මෙහෙම ඉඳල හරි යන්නෙ නැති නිසා..මං ගිහින් මූණ හෝදගත්තා..අයිස් වගෙ හෙන සීතලයි..එහෙම කියලා නොහෝදා ඉන්න පුලුවනැ..මං මූණ සෝදගෙන ආයෙ ඇඳුම් මුකුත් මාරු කරන්න ගියේ නෑ..උදේ බෙහෙත් ගන්න යන්න ඇඳපුවා පිටින් තමයි මං තාම හිටියේ..අරුන් ඔක්කොම අද යන නිසා ඔක්කොම එකතුවෙලා රයිස් කෑවනෙ..මගේ පංගුව සිතිජ වෙනම අරන් තියල තිබ්බා..මං ඒකත් කෑවා..කාලා වතුරෙකකුත් බිව්වා..අනික් උනුත් යනවා..ගොඩක් උන් ගිහින් ඉවරයි..මං හිතන්නේ මායි තව දහ පහළොවකුයි විතරයි අස්සේ ඉන්නේ..ඒ ගමන චූටිත් කෝල් කරනවා..

"හෙලෝ චූටි.."

"ආ තමුසෙ ඉන්නවනෙ..මං හිතුවෙ මැරිලා කියලා.."

"කිව්වා කතාවක් ගත්තු ගමන්ම.."

"ලොකූ..මොකද උනේ ඇත්තටම..අම්මා කෝල් එකක් ගත්තා මට කතා කරන්නේ නැතුව හිටියා එකදිගට කියලා.."

"ආ මේ උණ හැදිලා පොඩ්ඩක්.."

"ආ...හා පොඩ්ඩක් ද..තමුසෙ එන්නෙ නැද්ද එහෙනම් ඒ කියන්නෙ මේ සැරෙත් ආ..."  ?

"නෑ බන්..මම දවස් හතර පහකින් එන්නම්..තව කල් තියෙනවනෙ..අම්මට කියනවා අවුලක් නැ යාලුවෙක් එක්ක ඉන්නෙ කියලා.."

   🌊වැහිකෝඩ | Non - Fiction Where stories live. Discover now