#විසිහත්වෙනි_කොටස 💜
කාලේ මෙහෙම ගෙවිලා ගියා..තත්පරයෙන් තත්පරේ මිනිත්තුවෙන් මිනිත්තුව..පැය ගණන් දවස් ගණන් සති ගණන් කාලේ හරි ඉක්මනින් පුදුමාකාර එපාවීමක් එක්ක බලාපොරොත්තු නැති විදියට ඉගිල්ලිලා ගියා..ඒ ලෙවල් කල් ගිහින්නෙ පෙබරවාරි මාසෙට..තව දවස් ටිකකින් එක්සෑම් එක ආපහු තියනවා කියලා තියෙන්නෙ..මේ සැරේ මොනා වෙයිද දන්නෑ ඒ පාර..මට සිහිය නැති දවස් ටිකෙ කොච්චර නම් දේවල් වෙනස් වෙලාද..සිහි නැති සතිදෙක තුන වෙනකොට ළඟ ඉන්න මිනිස්සුත් වෙනස් වෙලා තිබුණෙ හිතාගන්නව්ත් බැරි විදිහට..මං මගේම කියලා හිතාගෙන හිටපු මිනිස්සු මටම ඇරලා ගිහින් තිබ්බේ සැපටම..වෙනදටත් වඩා අද උදෙන්ම මට ඇහැරුනේ කාමරෙ අස්සෙන් දඩ බඩ ගාලා මොනාද පෙල්ලන සද්දයක් ඇහිලා..හපෝ කන්දොස්කිරියාව උදේ පාන්දරම..මළ වදයක් අප්පා..ශිට්..නිදි මරගාතෙන් ඇස් දෙක පිහිද පිහිද ශීට් එක අහක් කරපු මං උදෙන්ම චූටිට කෑ ගැහුවෙ නින්ද කඩපු නිසා..
"අයියෝ බන් සද්ද කරන්නේ නැතුව කරන දෙයක් කර ගනින්කො නින්දත් කැඩුවා උඹ..මොන මඟුලක්ද යකො උදේ පාන්දරම රෙද්දවල් ඇද ඇද කරන්නේ.."
"උඹව මං උස්සන් හිටියෙ නෑනෙ..උඹ ඕන් නම් නිදාගනින්..මට මෙතන පරක්කු වෙලා තියෙනවා උඹ රෙද්දක් කියනවා..ඇයි යකො..අනික දැන් උදේ නවයටත් ළඟයි..තවත් උදයක්ද.."
"පරක්කු..ඇයි කොහෙද උඹ යන්නේ.." ?
"ඉස්කෝලෙට ගිහින් එන්න කියලා රෙද්ද.."
"ආ අද..හෝව් පොඩ්ඩක් ඉඳපන් මාත් එනවා..මේකස්සෙ ගෙදර ඉඳලම එපාවෙලා බන්.."
"අනේ ඕයි..එනවනම් අම්මට කියලා වරෙන් හොඳේ උඹ නිසා මට බැනුම් අහගන්ඩ ඕනි නෑ..එන රෙද්දක් යන්ඩ අම්මගෙන් අහලා වරෙන්..."
"චහ්..අම්මා බනින්නේ නෑ බං රෙද්ද ඉඳපන් මං නෙ එන්නේ.. මං කියන්නං ඇහුවොත්.."
මං ටක්ගාලා ලෑස්ති වුණා..මූණ හෝදගත්තා..ෂර්ට් ඇන්දොත් අයන් කරන්න වෙන හන්දා ටීෂර්ට් එකක් පටලගත්තා..චූටිත් එක්ක ඉස්කෝලෙට එන්න බස් එකට නැංගා..ඉස්කෝලෙට යන්න ඕනි නම් බස් එකේ යන්න ඕනි..අපි දෙන්නා වැල්ල දිගේ ගිහිල්ලා හන්දියට වෙලා හිටියේ බස් එකක් එනකන්..නවය හමාරේ බස් එක දැන් එන්න ඕන හරි නම්..චූටිලට ඔක්කොටම එන්න කියලා ඉස්කෝලෙට මොකක් හරි ප්‍රශ්නයක් නිසා අපි දෙන්නම මේ ඉස්කෝලෙට යන්නේ මටත් ගෙදරම ඉඳලා තිත්ත හින්දා..බස් එක ආපු නිසා අපි දෙන්නා බස් එකට නැංගා..පුරුදු විදිහට චූටිට ශීට් එකේ මුල්ල දීලා මං මේ අයිනෙන් වාඩි වුණා..දහයට පහක් වගේ තියෙද්දි අපි දෙන්නා ඉස්කෝලෙට ආවා..චූටිගෙ වයසෙ කොල්ලො කුරුට්ටො කෙල්ලො ගොඩ..මමත් මේ ඉස්කෝලෙමයි අන්තිමට ඉගෙන ගත්තෙ..ඒක නිසා ගුරුවරු මාව දන්නවා..පහන්ගෙ මල්ලි පවන් කියලා කිව්වමයි ගොඩක් ගුරුවරු දන්නේ..ඒ තරමට මං මේකෙන් නම හදන් හිටියා විභගහෙ පාස් වුණෙ නැතත්..මොකද අපි අන්තිම පෝලිමෙ සෙට් එක වුණත් ඉස්කෝලෙ වෙනුවෙන් ඕනි රෙද්දකට අපි හිටියා..ඒ හන්දම අනික් සෙක්ෂන් වලට උඩින් ආර්ට් එක අපේ ඉස්කෝලෙ නම රැක්කා..ආර්ට් කරන කොල්ලො කෙල්ලො ටිකව පන්තියක් අස්සට වෙනම ගෙන්නලා මොනා හරි කියන්න වගෙ ලෑස්තිය..කොහොමත් එහෙමයි ඉතින්..අපිට වුණත් එහෙම කරානේ..නර්මදා මිස් එහෙම ඇඬුවා දුකට..තමන්ගේ දරුවන්ට වගේ ආදරේ කරලා..උගන්වලා වැරදි හැම දේම පෙන්න පෙනන දීලා..අවුරුදු දෙකක් රැකගෙන ඉඳලා මෙහෙම යනකොට ඇස් වලට කඳුළු උනනෙක අහන්න දෙයක් නෙවෙ..සිරාවටම නර්මදා මිස් නම් අම්මෙක් වගේ..
YOU ARE READING
🌊වැහිකෝඩ | Non - Fiction
No Ficciónකොලු හැඟීම්,කොලු වචනෙන්ම ලිවීමි ! 🔞 මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.මෙහි...