#හැත්තෑවන_කොටස 💜️
මට දැනුණෙ එහෙම..හැබැයි එයා මං එක්ක ඉන්න නිසා මගේ වේදනාව ටිකක් අඩු උනා වගෙ මට දැනුණා..ඒකටද මේ නූහුර කියන්නෙ..???
"දැන් නැවතුණා දැක්කනෙ මං කිව්වා හරි.."
එයාගේ දරදඬු අත්වලින් කරපු ඒ වෙදකම හරි ගියා ඇත්තටම..එකදිගටම ලේ ගලන එක අඩු උනා..පොඩ්ඩ පොඩ්ඩ ලේ ගැලුවත් අන්තිමට ඒකත් නතර උනා..ඊට පස්සෙයි එයා හුස්මක් ගත්තෙ..එයාගෙ අත්වලත් එක්ක ලේ ගෑවිලා තිබ්බා..
"මං එහෙනම් යන්නම්.."
"කො ඉඳපන් උඹට ඔහොම යන්න පුළුවන් ද බූරුවා..කකුලත් අවුලුවගෙන..මං මේ ලේන්සුවෙන් කකුල් බඳින්නම්.."
"පිස්සුද ලේන්සුවෙ ලේ ගෑවෙයි.."
"ලේනෙ බන් වෙන මුකුත් නෙවෙයිනෙ.."
මට එකපාරටම හිනාවක් ගියා හෙනම කුපාඩි දෙයක් මතක් වෙලා..
"උඹත් මහ.."
"ඕන්නෑ කිව්වනෙ බඳින්න ඕක...මට පුළුවන්.."
"උඹ ඉඳපන්කො කටවහන්..මං නිසානෙ උඹට මෙහෙම දෙයක් උනේ.."
ඌ මහ දරදඬු විදියට කිව්වහම මගෙ හිතට මහ අමුත්තක් දැනුණා..ඒක ගැට ගහලා ඉවර උනාම මටත් කට වහන් ඉන්න බැරි කමට මං කතා කරා..
"මේ.." !!
"ඇයි මොකද උඹ.." ?
"නෑ නෑ.."
"මොකද කියපන්.."
"නැ මුකුත් නෑ.."
"හැබැයි මං උඹෙන් ආයෙ අහන් නෑ..කියපන්..."
"කොහොමද ආතල් එකක් ගත්තද පාර්ටියෙ.." ?
මාත් කට පියන් ඉන්න බැරිකමට මෝඩයෙක් වගේ ඇහුවා කෙලිම්ම..
"මොන.." ?
"ඇයි දැන් මං එද්දි හිටියෙ කෙල්ලෙක් එක්ක තුරුල් වෙලා.."
"තුරුල් වෙලා හිටියා.."
"මේ මං.."
"අනෙ නෑ ඔයා නෙවෙයි..අපේ සීයා.."
"පයිත්තියන්ද උඹට.." ?
"අනේ ඕයි මේ බොරු නොකියා ඉඳපන්..මං මේ මගේ ඇස් දෙකම දැක්කාර කහ පාට ටී ෂර්ට් එකක් ඇඳන් හිටිය කෙල්ලෙක් එක්ක හිටියෙ.."
YOU ARE READING
🌊වැහිකෝඩ | Non - Fiction
Nonfiksiකොලු හැඟීම්,කොලු වචනෙන්ම ලිවීමි ! 🔞 මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.මෙහි...