අද මගේ 19 වෙනි උපන් දිනේ..ඒ වගේම ඊයේ වැහිකෝඩ 50K පහු කරා...මාස තුනක් වගේ පොඩි කාලෙකින් ඒකත් උනේ..ඉතින් ඒ වෙනුවෙන් ලැබෙන Bonus Episode එක තමයි මේ...
#පනස්_හයවන_කොටස 💜️
"ඕයි..."
"මොන හු$$*ක්ද බන්..මං බය උනා..."
"මොනාද යකො කල්පනා කරන්නෙ ඔච්චර..හනිමුන් එක ගන්නෙ කොහොම කියලද.." ?
"උඹ බම්බුවක් කියනවා..මට බයයි ඕයි.."
"අඩෙ මොකො උනේ..මොකටද බය දැන්.."
චූටි ගල් බැම්මෙන් පහළට පැනලා මං ගාවට අල්ලෙන් ඉස්සිලා වාඩි උනා..
"ඌ..හ්..ආයියහ්...අතත් කැපුණා ගලකට.."
"උඹටත් පයිත්තියන්නේ කෝ රිදෙනවා ද.."
"නෑ නෑ.."
"කෝ පෙන්නපන්.."
"රිදෙන් නැ ඕයි.."
"උකෝගන්ඩෙපා පෙන්නපන් එකපාරක් කිවහම.."
මං චූටිගෙ අත ඇදලා ගත්තා ළඟට..ලේ ගලාගෙන යනවා..අතෙ ගල් පතුරක් තියෙනවා වගේ...මං අතේ අල්ල හරිය චූටි ඇඟිල්ලට පහළියට වෙන්න අරන් කටට දාලා සූප්පු කෙරුවා..කෙළ ගහලා කෙළ ගහලා ආපහු සූප්පු කරලා ගල් පොතු කෑල්ල කොහොම හරි ඇදලා ගත්ත චූටි මගේ ඔලුවෙන් අල්ලලා තල්ලු කරද්දිම..
"ක්‍රැ..හ්..තුඃ.."
"මේ බලපන්..හොඳ වෙලාවට ඉරුවේ..මේ පේනවනෙ..පණ්ඩිතකම විතරයි උඹේ.."
"අනෙ හරි හරි ඕයි..මොකද්ද උනෙ කියනවකො..තමුසෙගෙ කටේ ලේත් ඇති..හෝදගන්නවකො.."
"ඉතින් තියෙන්දින්..ඇයි මොකො උඹෙ ලේ මගේ ලේ කියලා දෙකක්ද බල්ලො..."
"හරි හරි මෝඩයො කියනවකො මොකද්ද ප්‍රශ්නය.."
"නෑ..මේ මුකුත් නෑ..මං විකාර හිතනවා වැඩි බන්.."
"මොකද්ද කියලා කියපන්කො මඟුලක් කියන්නෙ.."
"නෑ ඕයි..අම්මා අපි හිතනවට වඩා දේවල් මෙව්වා ගැන දන්නවා..ඒ කිව්වෙ ගේ ලව් ගෙන.."
"ඉතින් මොකො වෙන්නෙ ඒකට බය වෙන්නෙ ඇයි.."
"බය නෙවෙ බන් අම්මා කියනවා ලෙඩ ගැන..සිරාවටම මට හෙනටම බය හිතෙනවා බන්..මං නොකිව්වට ගොඩක් උන් එක්ක සෙස් කරලා තියෙනවා බන්..දහ පහලොවකට වඩා එක්ක සෙස් කරලා තියෙ..එතකොට මං නුරාග් එක්ක නම් එහෙම වැරැද්දක් වෙන දෙයක් කරලා නෑ..ඒත් මට හෙන බයයි බන් මෙහෙම ගිහින් මං නිසා මගේ වටෙ උන්ටත් මොකක් හරි උනාද කියලා..මං කවදාවත් කොණ්ඩම් එකක් දාලා ගැහුවෙ නැ බන්..ගත්තා ලිහුවා ගෙහුවා වගෙනෙ උනේ.."
YOU ARE READING
🌊වැහිකෝඩ | Non - Fiction
Não Ficçãoකොලු හැඟීම්,කොලු වචනෙන්ම ලිවීමි ! 🔞 මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.මෙහි...