#හැත්තෑ_එක්වන_කොටස 💜️
"ආව් ආව් බල්ලො කොහොමද ඒක ආහ්.....මීඩියා සෙක්ෂන් එකේ සකන්ඩ් බැජ් එකෙන් ටොප් ෆස්ට් පහන්..ජියෝග්‍රැපි සෙක්ෂන් එකේ හතරවෙනි බැජ් එකේ ටොප් ෆස්ට් චමත්ක..ආව්හ් යකෝ කොහොමද ඒක..කාටද ආඩම්බර..ආ..."
සිතිජයා මගේ කම්මුල් මිරිකලා කිව්වම මට උඩ පැනලා හූ කියන්න හිතුණා...
"දැන් හෙට යන්නත් ඕනි..කොහොමද යන්නෙ..උඹට යන්න පුළුවන් වෙයිද.." ?
"බෑ කියලා ආයෙ නොයා ඉන්නයැ.."
"උඹට අමාරු වෙයිද දන් නෑ.."
"බලමුකො ඒක හෙට..."
මං හවස් වෙලා අවිෂ්කයව හම්බවෙන්න ගියෙ සිතිජයගෙ වැඩෙ කරන්නෙ කොහොමද කියලා ටිකක් කතා කරන්න..මොකද මට මේ වෙනකන් අදහසක් තිබ්බේ නෑ කොහොමද මම මේ දේ කරන්නේ කියලා..කරමු කරමු කියලා කටින් කියෙව්වට දැන් කරන්න විදිහකුත් හොයාගන්න එපැයි..නිකන් හතර වටේ ඉන්න කට්ටිය එකතු කරගෙන නිකන් සල්ලි එකතු කරලා කියලා ඕක හම්බ කරලා හරි යන්නෙත් නැ..ඒක චාටර්කමක්..එක්කො මොනා හරි විකුණගන්න ඕනි..එහෙම නැත්නම් මොකක් හරි මඟුලක් කරන්න ඕනි..මොනා කරලා හරි ඉක්මනින් සල්ලි ටික හොයාගන්න ඕනි නැත්නම් මළම මඟුලක් වෙන්නෙ...
"අවිෂ්කයා කොහොමද බන් මේක කරන්නෙ අපි..අද ගියහම ආයේ එන්නෙ දහඅට මුන් එතකොට මැයි අන්තිම සතියෙ සිතිජයගෙ අම්මගෙ වැඩේ වෙන්න ඕනි..කල් තියෙයිද බන්.."
අවිෂ්කයා දාගෙන උන්නු කණ්නාඩි දෙක ගලවලා පිහදලා පෙට්ටියට දැම්මා..
"හ්ම්ම් මෙහෙමයි බන්...කල් නම් තියෙයි..කරගන්නත් පුළුවන් වෙයි..ආවට ගියාට නිකන් කරලා හරි යන්නෙ නෑ බන් ඒක නිකන් හිඟා කනවා වගෙ දෙයක්නෙ..ඒක සෙට් නැ මොකක්ම හරි දෙයක් කරන්න වෙනවා..එක්කො මොකක් හරි වැඩසටහනක්..එහෙම නැත්නම් දුක මවා පාල හිඟන වැඩ සෙට් වෙන් නෑ..මොකක් හරි වැදගත් දෙයක් කරලා ඒ හරහා අපිට ඕනි දේ හොයාගන්න ඕනි තේරෙනවනෙ උඹටත්.."
ඒක ටිකක් සැර වැඩී වගේ සිතිජයට..මූ කිව්වෙ වැරදි අදහසකින් නෙවෙයි උනත් ඒක වැරදියට තේරුම් ගන්න පුළුවන් මොකෙක් උනත්..මට උනත් එහෙම දැනුණා ලාවට..
YOU ARE READING
🌊වැහිකෝඩ | Non - Fiction
Kurgu Olmayanකොලු හැඟීම්,කොලු වචනෙන්ම ලිවීමි ! 🔞 මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.මෙහි...