වැහිකෝඩ 46

1.2K 72 16
                                    

#හතලිස්_හයවන_කොටස 💜️

ඒ දේවල් එක්ක සර් ඔක්කොටම පොඩි මීටින් එකක් ගත්තා තේ වෙලාවට..මොකක් හරි විශේෂ දෙයක් වෙන්නොන..නැත්නම් එකපාරටම මෙහෙම දෙයක් ගන්න ලොක්කට පිස්සුවක් නෑනෙ..

"හරි...හරි කොල්ලනේ අහන්න පොඩ්ඩක්...ඔක්කොමලා වරදක් නැතුව හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා..මේ දවස්වල වෙච්ච පොඩි පොඩි කරදරත් එක්ක අපි අඩියෙන් අඩිය ඉස්සරහට යන එක පොඩ්ඩක් පස්සට උනා නේද..අපිට කොච්චර දේවල් වුණත් අපි ඉස්සරහට එන එක අපි නවත්තන්න නරකයි..අපිට ඉස්සරහට යන්නැතුව ඉන්නත් බෑ එක තැන..මොකද එහෙම උනොත් වෙන්නෙ අපි පරාද වෙන එක..අපි ඒ ගැන දැන් කතා නොකර ඉමු...අද මට රැස්වීමක් ගන්න ඕනි කියලා හිතුනේ මේ දවස්වල එන ප්‍රශ්නත් එක්ක..මේ ෂොප් එක හිටපු පරණම දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් තමයි දීප්ත අනිත් කෙනා සදීප්..මොකද මේ දෙන්නා තමයි මුල ඉඳලම හිටියෙ මං එක්ක..එතකොට ශොප් එකේ ෆස්ට් ෆ්ලො එක මං සදීප්ටත්..සකන්ඩ් ෆ්ලෝ එක දීප්තටත් මුල් කාලේ පොඩ්ඩක් බලන්න කියලා මං කිව්වා..ඒක මේ වෙනකන් ආපු ගමනේ මෙච්චර කාලෙකට වුණා..ඒත් දැන් හදිසියේම දීප්තගෙ කේස් එකෙන් පස්සෙ මේ දවස්වල ඇතිවුණ ප්‍රශ්නත් එක්ක මේ යන විදිහට ඒක කරගෙන යන එක අමාරුයි..ඒක නි....සා මං හිතුවා සකන්ඩ් ෆ්ලෝ එකට අලුතෙන් කෙනෙක්ව මෙච්චර කල් දීප්ත කරපු දේවල් ටිකත් කරගෙන ඉතුරු වැඩ ටිකත් කරගෙන යන්න පුළුවන් තරමේ කෙනෙක්ට විතරක්ම මේක බාරදෙන්න.."

අපි ඔක්කොම කුසු කුසු ගාන්න ගත්තෙ ඒ අලුත් එකා කවුද කියලා දැනගන්න..එක්කො ජනිත්..සුපුන්..අකලංක..එහෙම නැත්නම් ප්‍රදීප්...මං දන්න තරමට මුන් හතර දෙනා තමයි ඊළඟට ෂොප් එකේ පරණම උන් වෙන්නේ..

"හරි හරි පොඩ්ඩක් නිශ්ශබ්ද වෙන්න..මං සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් තීරණය කරනකොට ගොඩක් දේවල් ගැන හොයලා බලනවා..මොකද මෙයා මේ කරන දේවල් එක්ක..මං පත් කරන කෙනා කරන දේවල් එක්ක තමයි සකන්ඩ් ෆ්ලෝ එකේ වැඩ ටික දීප්ත හිටපු කාලේ විදිහටම වෙන්නේ..දීප්ත හිටපු කාලෙ මට වචනෙකින්වත් වැරැද්දක් කියන්න තරමේ දෙයක් වුණේ නෑ සකන්ඩ් ෆ්ලෝ එකේ නම්..මං මේ කෙනා පත් කරනකොට එයා මෙච්චර කාලයක් ෂොප් එකට කරපු දේවල්..ඔය අනික් අයත් එක්ක වැඩ කරන විදිහ..අනිත් අයව හසුරවන විදිහ..ප්‍රශ්නයක් ආවම හැසිරෙන විදිහ..ප්‍රශ්නයක් වුණාම ඉක්මනට ක්ෂණිකව තීරණයක් ගන්න පුළුවන් විදිහ..වගේම ෂොප් එකට එන කස්ටමර්ස්ලා එක්ක වැඩ කරන විදිහ..ඒ දේවල් ඔක්කොම මං හොයලා බැලුවා මෙච්චර කල්..මේ දවස් හය හත ඇතුළත..ඒ දේවල් ටික මම පොඩ්ඩක් බැලුවා එකයි මට කෙනෙක්ව පත් කරන්න පරක්කු වුනේ..සමහරවිට මං අද තෝරාගෙන ඉන්න කෙනා මේ ශොප් එකට අපි පරණම කෙනෙක් නොවෙන්නත් පුළුවන්..මොකද පරණම කෙනෙක් වුනා කියලා එයා ගැලපෙනම කෙනා නොවෙන්න පුළුවන්..මං මේ තීරණය ගත්තේ තනි තීරණයක් විදිහටත් නෙවෙයි..ඔයාලා මේ වැඩ කරන අයගෙන්ම මං ඔයාලා ගැන විස්තර හොයල බැලුවා..ඒ වගේම නිතරම පාහේ අපේ ෂොප් එකට එන කස්ටමර්ස්ලා කීප දෙනෙකුගෙනුත් මම මේ ගැන ඇහුවා..ඒ දේවල් වගේම මගේ පුද්ගලික කැමැත්තත් එක්කම මං මෙතනින් කෙනෙක් තෝරගෙන ඉන්නවා..ඒ කෙනාව මම මොන තීරණයක් නිසාවත් වෙනස් කරන්නේ නෑ..මොකද මං හොයන්න පුළුවන් උපරිමය හොයලා හැම දෙයක් ගැනම විශ්වාසයක් තියාගෙනයි මේ තීරණය ගත්තේ.."

   🌊වැහිකෝඩ | Non - Fiction Where stories live. Discover now