#පළවෙනි_කොටස 💜️
මේ ජීවිතේ වෙලාවකට මට හරි මහන්සි කියලා හිතුණු තැන් අනන්තවත් තිබිලා තියෙනවා...මට මං පව් කියලා හිතුණු දවසුත් ඕනි තරම් තියෙනවා...ඒත් ඒ පව් කියලා හිතුණු දවස් වලත් මං අසරණ වුණු තැන් ඒවා එහෙම්මයි...ඒ අසරණකම් මගේ ජීවිතේ ට අදටත් වලංගුයි..ඒ සින්නකරවම මට ලියාපු නඩු...ඒවගෙන් වන්දි ගන්න පුළුවන් නම් මං අද පෝසතෙක්...මේ ගෙවන ජීවිතේ ගැන මට පුංචි කාලේ ඉඳලම තිබ්බෙ බයක්..ඒත් දැන් ඒ බය දුරුවෙලා...ඒත් හිතේ අඩියෙම තියෙන පැල්ලම් තාමත් එහෙම්මයි..සන්ෂයින් දැම්මත් ඒ පැල්ලම් යවන්න හරි අමාරුයි...
"අඩෝ..මොන හු*ත්තක්ද බන් කරන්නෙ.. උඹට කී පාරක් කතා කරාද ප*කෝ.....ඕක දාපන් මෙහෙට්ට.."
"ආ..ආ....ඉඳා ගනින්..."
මං බෝලෙ උඩ දාලා පැනලා බෝලෙට එකක් දුන්නෙ ඌ ගාවට වැටෙන්ඩ...ඒක පෙල්ලිලා ගිහින් ඌ පාමුලට ටිකක් එහායින් ගිහින් නැවතුණා...
මං කල්පනා ලෝකෙන් ඇහැරුණෙ අපෙ කොල්ලොන්ගෙ කෑ ගැහිල්ලට..ඔයි කෑ ගැහුවෙ නම් මං එක්ක මගේ ඕනි දේකට ඉන්න කාවින්දයා..
"මේක හරියන්නෑ බන් හු*ත්ත..වරෙන් ඔක්කොමලා..ආයෙ පිල් බෙදියල්ලා..මේ සැරේවත් ටිකක් ඕනිකමෙන් සෙල්ලං කරපල්ලකො...පහන් වරෙන් බං උඹ ඔතන්ට වෙලා හැමිනෙනවද මනෝ ගගහා..."
අරුන් එක්ක මළම වදේ..මං ඉඳන් උන්නු තැනින් නැගිටලා පස්සෙ තිබ්බ වැලිත් පිහදන් ගල් කැටයක් අරන් ඒක මුහුදට විසි කරන ගමන් උන් ගාවට ගියෙ ඈනුමකුත් ඇර ඇර..එතන තිබ්බ හෙවණක් ගාව මං ආපහු වාඩි උනා...
"චහ්...වරෙන්කො බන් පහනයා ඔය ආයෙ ඉඳගත්තා....උඹට අද මොකක් වෙලාද.."
"මං ඊගාව වටේට එන්නං...උඹලා සෙල්ලම් කරපල්ලා..ඔලුව පොඩ්ඩක් කකියනවා බං..."
"හරි හරි උඹටත් ඔලුවෙ අමාරුයි...පු*කෙ අමාරුයි ඔක්කොම හැදෙන්නෙ දැන් තමයි.."
සෙට් එක පිල් බෙදුණා...මේ වොලිබෝල් ගහනෙක තමයි වැල්ලෙ කොල්ලොන්ට තිබ්බ එකම සතුට...අපේ ජීවිත වැල්ලෙම ඔහෙ ගෙවිලා යන්නෙ කාලකණ්නි විදිහට..කිසිම හෙට දවසක් කියලා දෙයක් නැතුව...මං කොල්ලො සෙල්ලම් කරන දිහා ඔහෙ බලන් හිටියා...
YOU ARE READING
🌊වැහිකෝඩ | Non - Fiction
Não Ficçãoකොලු හැඟීම්,කොලු වචනෙන්ම ලිවීමි ! 🔞 මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.මෙහි...