#Golden_part
#හැත්ත_තුන්වන_කොටස 💜️චමත්ක අයියා නැගිටලා ඇවිත් කනට ගහන්නා වගෙ කියාගෙන කියාගෙන ගියා..මට පොළොව පලන් යන්න හිතුණා..ඇත්තටම එයාගෙ හිතෙ මං ගැන පොඩි හරි කැමැත්තක්වත් නෑ එහෙනම්..
මමයි හීන ලෝකෙක හිටියේ..ඇත්තටම එයා කවදාවත් මට කැමති බවක්වත් අඟවලා නෑ..අනික එයා කොහොම කෙනෙක්ද කියලා දැන දැන මමයි පස්සෙන් ගියේ..එයාගේ ඇත්තටම කිසිම වැරැද්දක් නෑ මගේ වැරැද්ද..බොරු බලාපොරොත්තුයි ලෝකෙ නැති දේවලුයි හිතේ තියාගෙන මමයි එයා එක්ක හීන මැව්වේ..ඇත්ත මං දන්නවා..අපි කොච්චර ආදරේ කරත් ඒක අපිට අයිති වෙන්නේ නෑ..අපිට අයිති නැත්නම්..හැම හමුවීමක්ම හිමි වෙන්නේ නෑ කියලත් මං අහලා තියෙනවා..මටත් හොඳම වැඩේ..එයාගේ කටින්ම එයා කියපු විදිහට එයා මං වෙනුවෙන් මේ හැමදේම කරල තියෙන්නේ එයා අතින් උන වැරැද්ද හරි ගස්සන්න ඕන නිසා..මමයි ඇත්තටම මෝඩයෙක් උනේ..කමක් නෑ..අයිති වෙන්නම ඕනිද ආදරේ කරන්න..මං කොහොම එයාව දැක්කත් එයා මාව දකින්නේ යාළුවෙක් විදියට..නැත්නම් ළඟ ඉන්න හිතවතෙක් විදිහට..මට වැඩිපුරම රිදුනේ පිරිමියෙක්නේ උඹ කියලා කියපුවෙකට..මොනාඋනත් ඌට එහෙම නොකියා ඉන්න තිබ්බා..
මට ඉස්සෙල්ලා ආපු ගමන්ම මෙතන දැනුනට හුරු පුරුදුකමක්..දැන් නම් මට සම්පූර්ණයෙන්ම දැනුනේ ආගන්තුක කමක් විතරයි..මං මෙතන අස්පස් කරේ ඔක්කොම ටික කරෙත් අපරාදෙ කියලා හිතුනා..ගොනෙක් වගේ මෙතන නවතින්න ආපු එකත් මං කරපු ලොකුම වැරැද්ද..එක්කො සිතිජට ඉන්න කියන්න තිබ්බා..එහෙම නැත්නම් මටත් මොන අමාරුවක් හරි තියාගෙන ගෙදර යන්න තිබ්බා..මේ ඔක්කොම මගේ මෝඩකම්..මං කන්නයි හිටියෙ..ඒත් මූ මේ කියපු කතාව හින්දම මං නොකා නොබී හිටියෙ මට ඕනි උන හින්දා..මූ කොච්චර කොහොම කිව්වත් මගෙ හිත පිළිගන්න කැමති නෑ ඇත්ත..
හවස් වරුවත් ඔහොම්ම ගෙවිලා ගියා..තුනට විතර සිතිජයගෙන් කෝල් එකක් ආවා..මං පෝන් එක අරන් දොරත් ඇරගෙන එළියට යද්දි චමත්ක අයියා මං දිහා බැලුවත් මං ගණන් නොගෙන කෝල් එක ආන්ස්වර් කරන් කනෙ තියාගෙන පැත්තකට ගියා චමත්කට පේන්නෙ නැති වෙන්නම..
YOU ARE READING
🌊වැහිකෝඩ | Non - Fiction
Non-Fictionකොලු හැඟීම්,කොලු වචනෙන්ම ලිවීමි ! 🔞 මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.මෙහි...