61

127 11 2
                                    

“අම්මලා මොනා හිතනවද දන්නෑ නේද අයියේ?”

දෙව්දාරා විමසුවේ නියපොත්තක් සපමිනි. ඔවුන් දෙදෙනාම සිටියේ භාරත නිවස වෙත පිටත්වෙමිනි. රථ වාහන තදබදය අතර තරමක් තදටම තිබුණේ ඒ වේලාව පාසල් අවසන් වන වේලාව නිසාවෙනි. කෙසේනමුත් දෙව්දාර් නම් සිටියේ අතිශයින්ම සෞම්‍ය හැඟීම් ගොන්නකින් නිසාවෙන් ඔහු කලබලයකින් තොරව තම රථය පදවන්නට වූවේය.

නමුත් ඔහුගේ දෙනෙත් ඈ වෙතට යොමු වූ වහාම ඒ දෙනෙත්වලට එක් වූයේ සියුම් නොරිස්සුමකි. එක්වරම ඇයගේ මුවෙහි වූ අත ඇදී ගියේ දෙව්දාර්ගේ අතකිනි. ඔහු ඇයට තදබල රැවුමක් හෙළාම, පිටිඅල්ල සිපගත්තේය. “තමුසේ ආයෙත් නියපොතු හපලා වෙන මොනාහරි ලෙඩක් හදාගන්නවා දැන් දෙව්..” තනි අතින් සුක්කානම කරකවා ඔහු පැවසුවේ , මාර්ගය දෙසම බලානයි. මුවත් පුම්බාගත් දෙව්දාරා නිහඬවම තම අතට ඔහුගේ අතෙහි සිරව තිබෙන්නට ඉඩ දුන්නේ, සැබැවින්ම එයට ප්‍රිය කළ නිසාවෙනි.

“කෝ.. දැන් කියන්න ඉතිං. අම්මලා මොනා හිතන්නද?” දෙව්දාර් විමසුවේ කුතුහලයෙනි. ඇය කතාව දිගටම කරගෙන යාවීයි සිතුවත් එය මඟ නතරවිය.

“නෑ ඉතිං…, අපි වෙනම ගෙදරකනේ ඉන්නේ දැන්.. එතකොට ඉතිං.. එයාලා.. මේ.. එයාලා… මොනා හිතනවද දන්නෑ නේද? එයාලා දැනගනී ද අපි ඒක කළා කියලා?” මාර්ගයටම දෙනෙත් යොමාගෙන සිටී දෙව්දාර්ගේ දෙනෙත් විසල්ව ගියේ ඒ වදනටය. ඔහු තනි අතින්ම සුක්කානම අසීරුවෙන් පාලනය කරගත්තේ තම සවන්පත්වලට ඇසුණු දේ ඒ අර්ථයෙන්ම විශ්වාස කරගත නොහැකිවයි.

“දෙව්… තමුසේ පොඩි එකා වගේ හිටියට හිතන දේවල් නේද?” ඇයගේ හිසට ලැබුණේ සිහින් ටොක්කකි.

“ඉතිං.. අනේ.. හ්ම්ම්..” මුවත් ඇදකරගත් දෙව්දාරා රථයෙහි වීදුරුවෙන් පිටත බලාගත්තේ ඔහුගෙන් ඊට ලැබුණු ප්‍රතිචාරය පිළිබඳව සතුටු නොවෙමිනි.

“එහෙනම් ඉතිං ප්‍රෙග්නන්ට් වුණාම කොහොමත් දැනගන්නවානේ අපි ඕක කළාමයි කියලා… එතකොට කමක් නැද්ද බබා?” දෙව්දාර් විමසුවේ පිටතට පනින්නට දඟලන සිනාව මුව තුළම සිරකරගෙනයි. දෙව්දාරාගේ මුව පුදුමයෙන් විවර වූයේත්, දෙනෙත් විසල් වූයේත් ඒ සමඟයි.

Adare da? | ආදරේ ද? (Ongoing)Where stories live. Discover now