Episode 26 🍁

11 3 0
                                    

                                                    Minji pav💖

ඔව් ...මට එයාලා කියන දේ අහන්න තිබුණා...මටත් ටිකක් හිතන්න තිබුණා..ඇයි...ඇයි...මට නිකමටවත් එහෙම දෙයක් මතක් නොවුනේ..
මාත් එක්ක එයාලා තරහ වෙලාද දන්නෙත් නෑ ....අනේ මං කලේ ලොකුම ලොකු වැරැද්දක්...😫 ඒත් මට ආයේ එයාලට දැන් ගිහින් මූණ දෙන්න බෑ ...පස්සේ වෙලාවක හිමීට කට්ටියවම යාලු කරගන්නවා..
එයාලටත් බෑ මාත් එක්ක තරහා වෙලා ඉන්න...මටත් බෑ එයාලත් එක්ක තරහ වෙලා ඉන්න..මං ඉතින් ඒ වෙලාවේ කේන්තියටයි දුකටයිනේ කෑ ගැහුවේ....ඒත් අප්පා..මට තව ටිකක් හිතන්න තිබුණා.

මං පාරත් පැනලා කන්වීනියන් ස්ටෝ එකකට ගියා ..මොකද දැන්නම් මට යකෙක් උනත් කන්න බඩගිනියි...අද ගොඩක් මහන්සි නිසා මං පොඩි මොනාහරි දෙයක් අරන් කාලම යනවා..ඉතින් මං spicy ramen එකක් අරගෙන ඒක microwave එකට දාන ගමනුත් කල්පනා කරේ
මොකක්ද මේ ජාත්‍යන්තර පටලැවිල්ල කියලා.කොහොමහරි මට ඕන
අම්මගේ diary එකේ ඉන්න පූස් කොල්ලව හොයාගන්න..අනේ මන්දා වෙලාවකට මට අම්මත් එක්ක කේන්තියි..ඒ කාලේ මොන එකකට ඔය වගේ නම් දාලා ලිවුවද මං දන්නෑ..කෙලිම්ම නම ලිවුවනම් ඉවරයිනේ..නැද්ද මං අහන්නේ....හරි අපි බලමු..ඒ කියන්නේ සේරා ආන්ටියි,uncle park,uncle choi,Mr.nishimura කියන්නේ හොදම යාලුවෝ...එතකොට ඒ කියන්නේ එදා නම්සන් එකේදි තමයි මගේ ඔම්මව choi uncle දැකලා තියෙන්නේ...ඌ...අපේ අම්මත් හෙන වැඩාර් නේද හලෝ බලාගෙන යද්දි...කොල්ලෙක් සදා තනිකඩ කරා
කියන්නේ ඉතින් ...🤭 හරි ....හරි ......මේක දැන් එළියට ගන්නත් ඕනි..
හ්ම්ම් .....ගත්තා ගත්තා.....මං ඉතින් ඔහේ පැත්තකට ගිහින් කන්නම් කියලා පිටිපස්සට හැරෙද්දි

⭕ දෙ.......දෙයියනේ මහී.....😱

මාව දැක්ක ගමන් ටිකක් වයසක ඇන්ටි කෙනෙක් බය වෙලා මගේ
ඔම්මගේ නම කියලා මට කතා කලා....😐

💖-: ම......ම.......මං මහී නෙවෙයි ආන්ටි ......මං-

⭕-: නෑ .....නෑ ......ඔයා මහීම තමයි ......මට වරදින්න විදිහක් නෑ.. කොහොමටවත් මට වරදින්න විදිහක් නෑ .😨

ඒ ඇන්ටිට පිස්සු හැදිලා වගේ කියවගෙන කියවගෙන ගියා..එයාට වරදින්න විදිහක් නැල්ලු...ඇයි කියන්නකෝ දෙයියනේ මේ හැමෝම මට ඉස්සෙල්ලාම මගේ ඔම්මගේ නම කියලා කතා කරන්නේ ..මං ඒ තරම් මගේ ඔම්මා වගේද..අනිත් එක ඇයි හැමෝම මාව දැක්කාම බය වෙන්නේ..මේ ඇන්ටිත් දැන් බය වෙලා ...අනිත් හැමෝමත් මාව දැක්ක ගමන් මේ විදියටම බය උනා..🤨

The Life Secretary 🌼Where stories live. Discover now