35

114 44 17
                                    

ඔබගේ ආත්මය ශරීරයෙන් වෙන් වන අවස්ථාවන් ගැන විවිධාකාර දේශන මා ජීවිත කාලය පුරාවටම අසා ඇත. කිසියම් දාක ඔබට ද එවන් අත්දැකීමක් විඳීමට ලැබී ඇත්නම්, මා හට දැනෙනා හැඟීම ඔබ හොඳින්ම වටහාගනු ඇත.

අයිස් පෙට්ටියක සිරවී හෝරා කිහිපයක් ගත කළ කලෙක මෙන්, මගේ මුලු ගතම සීතලෙන් ගල් වී ඇත. කෙතරම් උත්සාහ කළද ආයාසයෙන් හෝ මට සෙලවිය හැකි එක ඉන්ද්‍රිය වූයේ මගේ ඇස් පිහාටු ය. කෝෂයක සැඟව සිට, අලුත ලොව දුටු සමනලයෙකු සේ මගේ ඇස් පිහාටු සට සට ගා ගැහෙන්නට වූයේ මා ඉදිරියේ සිදුවන්නේ කුමක්දැයි වටහාගත නොහැකිවය.

සීතලවීම පරදා, මගේ උදරය පැසවමින් නැඟ එන්නේ අමුතුම ආකාරයේ උණුහුම් හැඟීමකි. ඒ හැඟීම මගේ පපු තලයම සිර කරමින් ගලා යන්නේ හුස්ම ගැනීම පවා අක්‍රමවත් කරමිනි.

මගේ මනස වෙනමම ආකාරයක යුධ පිටියකි. කුඩා කල පටන් වූ විවිධාකාර සිදුවීම් මගේ මනස හරහා අධි වේගයෙන් දිව යන්නේ රිදී තිරයක නාමාවලියක් ලෙසිනි. මා මනසේ ඇඳීයන ඇතැම් රූපාවලි මොනවාදැයි මටම නොතේරේ. අප දේශපාලන ගුරුවරිය, කෘෂිකර්මය ගුරුවරයා හා නර්තනයක යෙදෙමින් කඳු යායක දිව යන විකාරරූපී රූප රාමුවක් ද ඒ අතර විය.

නොසිතූ මොහොතක ඔබගේ සිරුරම එක තැන සිර වූ විටෙක, ඔබගේ දෛනික ක්‍රියාදාමයන් එක එල්ලේ පවත්වා ගන්නට ඔබගේ බුද්ධිය සිදුකරනා ක්‍රියාදාමයන් සැබවින්ම විශ්මය ජනක ය.

මගේ මනස ද දැන් එසේම ය.

මොහොතකට පෙර තිවංක ගේ මුවින් නික්මුණු ඒ වදන කුමක්දැයි මට හොඳින්ම ඇසුණු නමුදු, මා එය වරදවා ඇසූ දෙයක් හෝ වරදවා වටහා ගත් දෙයක් යැයි මගේ සිත පුන පුනා කියයි.

"ආහ්...?"

මම වේගයෙන් ඇසි පිල්ලන් ගසමින් තිවංක දෙස බැලීමි.

ඔහු මොහොතක් මා දෙස බලා හිඳ, කලකිරුණු ස්වභාවයකින් දෙතොල් සපාගනිමින් දෑස් වසාගත්තේය.

"ෂික්...!"

ඔහු පිටකළේ කෙඳිරිලි හඬකිනි.

සිදුවන්නේ කුමක්දැයි අසන්නටවත් පෙර ඔහු, මා පසෙකට තල්ලු කරමින් ඇඳ මතින් නැඟී සිටියේය.

To już koniec opublikowanych części.

⏰ Ostatnio Aktualizowane: 15 hours ago ⏰

Dodaj to dzieło do Biblioteki, aby dostawać powiadomienia o nowych częściach!

මිරිඟු සිත්තම - Sinhala BLOpowieści tętniące życiem. Odkryj je teraz