13

867 109 198
                                    

( ඇත්තමෛ ලමයි කලින් චැප්ටර් දෙකේ මරු කමෙන්ට් ටික හර්ත 🌼🥲😂 )

"මම ඔයාව හෙව්වා !!

ශකියා දුවගෙන ගිහින් ස්ක්‍රබ් එක එක අතක දාන් හිටිය පොඩි අයියගෙ අතක එල්ලුනේ පොඩියා හිනහ වෙවීම ශකියගෙ කරවටේ අතක් යවාගන්නකොට

"මොකද බන් මේ ඌරෙක් වගේ දාඩිය නාගෙන"

" දැන් ඔහේ කියන්නෙ මාව හිරිකිතද ආ!!! "

"මොන හු... කැහ් කැහ්..මොනවද චූටී කියවන්නෙ..එහෙම නෑ...!"

"එහෙනං මොනොත්තක්ද කියන්නෙ අඩේ..පේන්නෙ නැතෙයි ඔහේට අවුව සැරයි කියල"

"පේනව බන් ඒකනෙ මෙ බාගෙට හෙලුවෙන් ඉන්⁣නෙ "

සන්දුල් කිව්වෙ උඩ බොත්තන් තුන හතර ඇරගෙන තිබ්බත් දැනටම දාඩියට තෙල් පාට වෙලා තිබ්බ පැණිපාට පපුව පෙන්නල

"ඔයාට හොඳ පපුවක් තියනවා හලෝ !"

"ඔය කොහෙද යකෝ අල්ලන්නේ...නිකන් ඉදහන් බන් ..."

ශකියා හිටියෙ පොඩි අයියගෙ අතේ එල්ලිලා කොහොමත් සන්දුල් විද්වාන්ටයි ශකියටයි වඩා ටිකක් උසයි..ශකියගෙ මූන තියෙන්නෙ පොඩි අයියගෙ බෙල්ල ගාවට වගේ..සන්දුල්ගෙ අතේ එල්ලිලා හිටිය ශකී ලඟින්ම පේන සිල්වර් කලර් රින්ග් එකක් අල්ලලා දාගෙන හිටිය චේන් එකත් එක්කම දාඩිය දාලා තියන පපුවට ඇඟිිල්ලකින් ඇන්නෙ පොඩි අයිය ෆයර් වෙනකොට..

"ලස්සන දේවල් අල්ලල බලන්නෝන..!!"

"ලැජ්ජ නෑ මේ පොඩිඋන්ට...අත ගනින් චූටී...තමුසෙ යුනිෆෝම් ඉන්නෙ ආ !

පොඩි අයිය කිව්වෙ අනික් අතින් ශකීගේ දාඩියට ඇලිල ඉත්තෑකුරු ගැහිල අවුල් වෙලා තිබ්බ කොන්ඩෙ අතින් පිටිපස්සට කරල ශකීගෙ නලලත් පිහදාලා..එවෙලෙට නං ශකියට හිතුනෙම තමන් හරිම කුඩා ජීවියෙක් කියල..ගමකට ගහන්න කට තිබ්බත් ඉතින් එවෙලෙ ඌට එහෙම හිතුනා...

"එතකොට යුනිෆෝම් හිටියෙ නැත්තන් ඇල්ලුවට කමක් නැතෙයි "

"උබ තාම පොඩියි !!"

කබඩිWhere stories live. Discover now