16

826 100 97
                                    

"වරෙන් මැනිකෙගෙ කම්මුලට හාද්දක් තියන්න...!"

"ඊයා එහාට පලයන් සවින්ද්.අඩේ පොඩි අයියේ මූව එහාට ගනින්කො..මූට මද කිපිලා !"

මං බලන් හිටියෙ සිදත් අයියට වඩා ටිකක් උස සවින්ද් අයිය සිදත් අයිය⁣ගෙ කම්මුල් දෙක දෙපැත්තෙන් අල්ලගෙන අඩේ සිදත් අයියගෙ මූන මාලුුවෙක්ගෙ වගේ වෙලා..අරකා අපෙ සිදත් අයියට තොත්තුවක් දෙන්න හදද්දි ශකියා පොඩීගෙ පිටට ඩාං ඩාං ගාලා ඩෑස් දෙන ගමන් හිනා වෙනව..අපෙ පොඩී බූමිතෙල් වැදිල වගෙ ඇබරිල යනව...හොද වැඩේ මට කරන කෙනෙහෙලි කම්වලට...

විශාක් අයියනං මගෙ එහා පැත්තෙ හිටිය මිහිදුව එක්ක මොනවද මංදා කියවනව..උන් ෆිට් වෙලා වගේ..

"මනස දූසනෙ වෙන්න කලින් ඕක නවත්තපන්කො බන් "!

මං කිව්වෙ සිදත් අයියගෙ කොන්ඩ ගහකින් ඇදල.මේ මනුස්සයව අවුස්සන එක හෙන ආතල්...

"උබට දූසනෙ වෙන්නත් තියෙන්න ඕන හොඳ මනසක්නෙ බන්..?

"ඉතින්?

"ඉතින් කියන්නෙ යකො තොට තියෙන්නෙ හොඳ මනසක් කිියලයෑ !!"

ශික්..පොඩී කිව්වම මං ඌට රැවුවා මොන නම නින්දාවක්ද යකො මේ...සවින්ද් සිදත් කපල් එක..පරිප්පුයි බෝල්ට් ඇනයි වගේ...ශික්.චිත්ත රූපත් මැවෙනව..එතකොට ටොපා කවුද...එක්කොත් සිදත් බොසාට බොටම් වෙන්න බෑනෙ ඌට තියෙන්නෙ හල්ක් ඇගක්නෙ..ඇඟ වගේම අනික් අවයවත් ඇති..නෝප් නෝප්..ඒත් සවින්ද් බොසා...යකො ඌ සිදත් අයියට වඩි ටිකක් උසයිනෙ..උන් දෙන්නා...ආර්ර් කමන්නැ ටිකක් කොට උනා කියල මක්ක වෙනවද..සිදත් අයිය උසයි නොවැ...සවින්ද් පගා වඅඩිපුර උස ගියා කියල උ මක්ක කරන්නද..

"මේහ් !!"

ඒව දිහා හරිම ජුගුප්සාවිදියට බලන් හිටිය මං මේ ලෝකෙට ගොඩ බැස්සෙ මිහිදුම්ගෙ කටහඬින් ඒකා මේහ් කියල ඇදල පැදල කතා කරපු විදියට මං ඒකා දිහා හැරිල බැලුුවම ඒකා මගෙ කන ගාවට ලං උනා..

"මොකො !!!

"ගෙදර යන්නැද්ද "

ඒකා ඇහුවම මං බැලුවෙ යන්න තියා එහෙම අදහසක් ගෑවිලාවත් නැති එවුන් ටික දිහා ඒස බම්ලො ටිකක් වගේ උන් වෙලීගෙන කෙරීගෙනනෙ බන්...අනේ මංදන්නැ මහෙම ගියොත් මට සේරම උන්ව ගේ කුරුල්ලො වගේ පේනව...ඒ අස්සෙ මං බලාගෙන පොඩී ශකීයා දිහා බලන් ඉදල උගුර පාදගන්නව...ඒ අස්සෙ සවින්ද් අයිය සිදත් අයියගෙ ඉන වටේට අතක් යවල..එක්කො මේච්චර කල් මට මේවා පෙනුන්නැද්ද යකො..
මං ඒවා දිහා බලන් ඉඳල සසරම කලකිරිලා වගෙ ඉන්න මිහිදුම් දිහා බැලුව..අනේ ඉතින් කිසි කරදයක් නෑ..හිටු කිව්වොත් එතනම නවතිනවා මේකා..බලන්න කොච්චර සන්සුන්ද කියල..

කබඩිWhere stories live. Discover now