හවස වෙච්චි සිද්දියෙන් පස්සෙ විද් ආයම ශකියට මුකුත් කියන්න ගියේ නෑ....ඒ නිසා විද්ගෙ පස්සෙන් නැට්ට වගේ එල්ලිලා ආවෙ ශකියා දෙන්නත් එක්ක ගෙදරට එද්දිම දැක්ක දෙයින් ශකියට විද්ගෙ අත මිරිකුනේ විද්වානුත් වෙන දෙයක් හිතාගන්න බැරුව බලන් ඉද්දි..
"ආහ් මේ එන්නෙ දෙව්රම් පුතා...මේ යාලුවා වෙන්නැති..."
ඇවිල්ල හිටියෙ විද්ලට දුරින් නෑදැ වෙන කට්ටියක් වෙද්දි ඒ වෙනකොටත් හිටගෙන උන්න පොඩීගෙ අතේ එල්ලිලා හිටියෙ හැඩ ලස්සන ගෑනුලමයෙක්....රෝසපාට දිග ගවුමකට ඉනගාවටම දිග කැරලි ගැහුන කොන්ඩෙ කඩල දාලා ඇත්දල පාට හමක් තිබ්බ කෙල්ලගෙ රූපෙ අඩුවක් කියන්න නැතිඋනා...පොඩීගෙ ඇස් දෙක කලබලෙන් ශකීගෙ මූන පුරා යද්දි සාලෙ ඉඳපු අයට ලාවට හිනාවක් විතරක් දුන්න ශකී පොඩීට බැල්මක්වත් නොදී විද්ගෙ කාමරේට ගියේ විද් සාලෙ ඉතුරු වෙද්දි....
"සිහිනි අයියව අතාරින්නකො පුතේ..ආවගමන්මනේ මහන්සිත් ඇති"
පුටුවෙ වාඩිවෙලා උන්න පිරිමිකෙනා කිව්වෙ ඒ කෙල්ල නං ලැජ්ජාවේ රතු වෙලා ගිහින් පොඩීගෙ අත අතාරිද්දි...
"ආහ් ඒකට මොනවා වෙනවද විජේ..මෙයාලා ඉතින් කොහොමත් ඉස්සරහට එකට ඉන්න අයනේ...ඔය පොඩ්ඩක් එකට ඉඳපු දෙන් "
අප්පච්චිගෙ කතාවට විද්ට පටගාලා බැලුනෙ පොඩීගෙ දිහා වෙද්දි ඒ වෙනකොටත් පොඩීගෙ ඇස් දෙක තිබ්බෙ විද්ගෙ කාමරේ දිහාට...කර්ටන් එක යටින් කලුමේස් දෙකක් පේනව....පොඩීගෙ අත්දෙක එකට ගුලිවෙලා තියෙන්නෙ ඒ බෙල්ලෙත් නහර ඉලිප්පිලා තියනකොට....විද්ට තේරුනා පොඩී ඉන්නෙ කේන්තියෙන් වග ඒනිසාම පොර කාමරේට යද්දි ශකී බිමින් වාඩිවෙලා දනහිස් අස්සෙ ඔලුව ගහන් හිටියෙ විද් බෑග්ගෙත් එතනම අතෑරල ශකියව බඳාගනිද්දි..
"මට වැටෙන්නම බොන්නොන...දේව්...මට ක්ලබ් යන්නොන..."
"ශකී අහපන්කො පො- "
ඒ වෙද්දිත් ශකියගෙ ඇස්වල කඳුලු තිබ්බෙ නෑ
"උබට එන්න බැරි නං බෑ කිය- "
"හා හා ඉදපන් අනූට කියන්න"
විද් ෆෝන් එක අරන් අනූට කිව්වම සිදත් අයියත් එන්නං කියල කිව්වේ හවස හයට විතර මෙච්චර වෙලාවක් විද්ගෙ කාමරෙ පැල්පදියම් වෙලා උන්න ශකී විද්ගෙම ශර්ට් එකකට කලිසමක් ඇදන් එලියට බහිද්දි....විද්ගෙ අප්පච්චි සාලෙට වෙලා පත්තරයක් කියව කියව උන්නෙ ඒත් එක්කම වගේ පොඩී කාමරෙ ඉදන් එලියට එද්දි..මේවෙනකොට ආව අය ගිහින් තිබ්බත් ඉන්නකන්ම පොඩීගෙයි අර කෙල්ලගෙයි වෙඩින් එක ප්ලෑන් කරන හැටි ශකී කාමරේට වෙලා අහන් හිටියෙ ඇහෙන් එක කදුලක්වත් වට්ටන්නැතුව .
YOU ARE READING
කබඩි
Teen Fictionමං මේ සිරා කියන්නෙ...මගෙ නෑනේ ඔය බොරු මරිසි.... ඌ වගේ කොල්ලෙක්ට කරගහන්න මං හීනෙකින්වත් හිතුවෙ නැ.... නිතර දේවෙලෙ දකින් උගෙ කිසිම විශේශයක් මට පෙනුනෙ නැ...ඒත් ඌට එහෙම වෙලා නෑ...මං උට ඒ තරන් ආස නැ..උ වගේ නාස්තිකාර රස්තියාදු ගහන කොල්ලෙක්ට මගෙ වැඩි කැමැත...