41

635 82 57
                                    

"සේරම ගත්තද ඔයා "

ශකී ඇහුවෙ විද්ගෙ ඇදුම් දාපු බෑග් එක කාමරෙන් උස්සන් එනගමන්

"හ්ම්..මොනව ඕනද කිියල මාත් හරියට දන්නැ බං..තව මොනවහරි තිබ්බොත් යතුර ලොක්කට දීල ඌ ලව්වා ගෙන්නගන්නවා "

පොඩී එහෙම කිව්වෙ කා එකේ ඩ්‍රයිවින් ශීට් එකෙන් වාඩි වෙන ගමන් වෙද්දි ඇදුම් බෑග් එක පිටිස්සට දාපු ශකියත් ඇවිල්ල වාඩි උනේ පැසේන්ජර් ශීට් එකේ..

"ගෙදරට කියන්න ඕනද ඇක්සිඩන්ට් එක "

ශකී ඇහුවෙ පොඩීදිහා බලල

"කිව්වට කමක් නෑ ඉතින්..හ්ම්ම්"

කොහොමහරි දෙන්නත් එක්ක වැඩිකතා බහක් නැතුව කා එක පාරට දැම්ම..නිහඬතාවෙ දරන්න බැරුව ශකී ලාවට උගුර පෑදුවම මෙච්චර වෙලා කොහෙද මංදා කල්පනා ලොකෙක හිටිය ⁣සන්දුල් ඔලුව හරවල ශකී දිහා බලල කම්මුලක් අතගෑවෙ ඩ්‍රයිව් කරනගමන්..

"මං හෙට එන්නං "

ශකී ඇහුවෙ කම්මුල උඩ තිබ්බ සන්දුල් අත තවත් තමන්ගෙ කම්මුලට තද කරගන්න ගමන් වෙද්ද පොඩී බැලුවෙ ශකී දිහා

"ක්ලාස් නැද්ද "

"තියේ "

"ක්ලාස් කට් කරන්න එපා සුදූ...මට මැනේජ් කරගන්න පුලුවන් වෙයි.."

"මට මැනේජ් යැයියැයි සේරම තනියම කරගන්නව හු#ත මට නං කේන්තියි ඔයා එක්ක..කොරගන්න එකයි ඇත්තෙ ඕන ප#ක් "

ඉඳල හිටල වැරදිලා  ඔය පොඩියා ඉස්සරහ කුනුහරපයක් කියවුනොත් මිස මෙහෙම කුනුුහරප පලන එකෙක් නෙමේ ශකියා...දමාගෙන බනින ඒකා දිහා සන්දුල් බලන් හිටියෙ ඇස් දෙකත් ලොකු කරගෙන වෙද්දි ටික වෙලාවකින් ඕක මීටර් වෙච්ච ශකී තොල් දෙක හපන් එලිය බලාගත්තෙ සන්දුල්ට හිනා යන්න එද්දි

"එව්ව් පුදුමයක් නෑ උබ ඉතින් අරකගෙම අනික් එකනෙ..."

"අනෙ මේ සන්දුල් උගෙ කටට වඩා නං මගෙ කට හොඳයි "

ශකි කිව්වෙ නැට්ට පාගගෙන රවාගෙන

"උබ කොහොමද දන්නෙ ඌගෙ කට කොයි වගේද කියල"

"අනේ මේ........හ් !!!! "

ශකී කා එකේ වහලත් ගැලවිල යන ගාන්ට බෙරිහන් දුන්නම ⁣උන්ගෙ ගෙවල් පාරට වාහනෙ හරවමින් උන්න සන්දුල්ට නං හිනා ..

කබඩිWhere stories live. Discover now