ටිකක් දිගට තියන කොටසක්..ඒ නිසා ඔයලා නිවාඩුපාඩුවෙ කියවන්න...❤️🩹බෝරිං කරගන්න එපා...චැප්ටර්ස් දෙකකට කඩන්න හිතුනෙම නැ මට..ඒකයි
*ක්රී...................ස්* විදා පෑනත් කටේ ගහන් පට ගාලා ඔලුව ඉස්සුවා..හවස තුනහමාරට විතර ඇති...චූම්පාන් යන සද්දෙත් ඇහෙනව ගේ ඉස්සරහ පාරෙ...විදා ඔලුව ඉස්සුවහම ශකී නැගිටල අත් දෙක දෙපැත්තට දිගෑරල හිරිඇරියෙ ඈනුමක් යවල...
"මං චූ දාලා එන්නං" දමල ගහන්න වගේ කියල ශකී කුස්සිය පැත්තට යන්න ගිහාම විද් ඔලුවත් හරවන් කැපිච්ච පනුවෙක් වගේ හැරිලා ඉදන් බලන් හිටියෙ ශකී ගිය දිහා..
"උට මක් වෙලාද බං" මේසේ දිග පැත්තෙ විද්ට ඉස්සරහින් ඉඳන් ඉන්න මිහිදුම්ගෙන් ඌ ඇහුවෙ ශකිය ගිය දිහා බලන්මයි..තුන්දෙනාම පිස්සු නටල දවල්ටත් කාලා වැඩ කරන්න ගත්ත..දැන් පැයක් විත තිස්සෙ වැඩ කරනව තුන්දෙනාම..සන්දුල් නං ඉස්සරහ ඉස්තෝප්පුවෙ පොතක් කියවනව පුටුවක් උඩ වාඩිවෙල..
"දන්නෑ" මිහිදුම් කිව්වෙ ලියන ගමන්මයි...සන්දුල් මිහිදුම්ගෙ තුවාලෙත් චෙක් කලා..පස්සෙ ආයි දවල්ටත් බෙහෙත් ගෑවා පිටේ අර බෙල්ට් පාරවල් වලට..පස්සෙ ඇමතියටත් පලු යන්න බැන්නා සන්දුල්....විදායි මිහිදුමුයි ශකියයි තුන්දෙනාම පෝලිමට ඇඳ උඩ වාඩිවෙලා ඉඳන් පොඩී බනින දිහා මීක් නැතුව බලන් හිටියෙ..අන්තිමට සන්දුල් කටඋඩ බලන් ඉන්න ජඩයො තුන් දෙනාවත් පැන්නුවා මේසෙට පලයං වැඩක් කරපන්..විබහගේත් ලඟයි...අරමයි..මේමයි..වැඩක් කරන්නැ..බාහිර වැඩ විතරයි..දැන් නැටුවා ඇති..එකෙක් රැට වැඩක් කරන්නැ මතේ මතේ විතරයි අනිකා කට්ටි පනිනව...හිතුවක්කාරකම ඉහටත් උඩින්...ඊලග එකා මුරන්ඩුයි සේරටම වඩා කිය කිය කාමරේ දෙපැත්තට ඇවිද ඇවිද බයින සන්දුල් දිහා ලමයි තුන්දෙනා බලන් හිටියේ කටවල් ඔහෙක් කරන්..
ශකියයි විද්වානුයි කටවල් ඇරන් බලන් ඉද්දි හිච්චි බකමූනු පැටිය නං කලේ අත්දෙක පපුවට බැඳගෙන රවාගෙන බලන් උන්න එක..සන්දුල් අරහෙට යද්දි ශකීයි විද්වානුයි දෙන්නම ඒ පැත්තට ඔලුව හරෝනව...සන්දුල් අනික් පැත්තට යද්දි ශකීයි විදායි ඒ පැත්තටත් ඔලුව හරෝනව..මිහිදුම් නං තනිකෙලින් ඉස්සරහ බලන් ඇස් බෝල දෙක විතරක් අරහෙටයි මෙහෙටයි යවනව..
YOU ARE READING
කබඩි
Novela Juvenilමං මේ සිරා කියන්නෙ...මගෙ නෑනේ ඔය බොරු මරිසි.... ඌ වගේ කොල්ලෙක්ට කරගහන්න මං හීනෙකින්වත් හිතුවෙ නැ.... නිතර දේවෙලෙ දකින් උගෙ කිසිම විශේශයක් මට පෙනුනෙ නැ...ඒත් ඌට එහෙම වෙලා නෑ...මං උට ඒ තරන් ආස නැ..උ වගේ නාස්තිකාර රස්තියාදු ගහන කොල්ලෙක්ට මගෙ වැඩි කැමැත...