"ඒහ් පඩස්තරයො නැග්- "
සන්දුල් බෙරිහන්දීගෙන කාමරේට ආවත් ශකී තොල් දෙකට ඇඟිල්ල තියල විද්ව පෙන්නුවම පොඩී තොල් දෙක ඉරක් කරගත්තෙ කටවහන්
"ශ්ශ්ශ්...කෑ ගහන්නෙපා "
"නිදිද"
පොඩී ඇහුවෙ හිමීට ඇඳේ පැත්තකින් වාඩි වෙලා නිදියන් ඉන්න විද් දිහා බලල
"හ්ම්ම්..ආවගමන් නින්ද ගියා...ආහ් පොඩ්ඩක් ඉන්න ඔයාට පෙන්නන්න දෙයක් තියනව"
ශකියා දැන් මතක් වෙලා කිව්වෙ ඇදෙන් නැගිටින ගමන් වෙද්දි ඒ මූනෙ තිබ්බෙ කුතුහලයක්
"මොකද්ද බං"
"ඉදපන්කො පොඩ්ඩක් මං අරං එන්නං "
ශකිියා ඒ කිියල එලියට ගිහාම පොඩී විද්ගෙ මූන්ට වැටිල තිබ්බ කොන්ඩෙ කෑලි ටික අයින් කලා..තොල් සුදුමැලිවෙලා ගිහින්..ඇස් යට කලුුවෙලා ගිහින්..ඇඟත් හීතල කරල...පොඩීට ඒක දැනුනෙ විද්ගෙ නලලට අත තිබ්බ වෙලාවෙමයි..
"මෙච්චර දවාලෙ හීතලද..කොල්ලට උණකුත් නෑනේ "
පොඩී තනියම මිමිණුවෙ ඒත් එක්කම වගේ ශකී කාමරේට එද්දි...පොරගෙ අතේ තිබ්බෙ බෙහෙත් කාඩ් එකක්. .ශකී ඒක පොඩී දිහාට දික් කලාම පොඩී ශකී දිහාත් බලල අතේ තිබ්බ බෙහෙත් කාඩ් එක ගත්තෙ කුතුහලෙන්..පස්සෙ බෙහෙත් කාඩ් හරවල බලපු සන්දුල් කේන්තියෙන් ශකියා දිහා බැලුවෙ ශකීගෙ අතින් අල්ල ඇඳෙන් ඉන්දල.."තමුසෙ ඇයි codeine පාවිච්චි කරන්නෙ? "
සන්දුල් ඇහුවෙ කේන්තියෙන් වෙද්දි ශකීගෙ මූනෙත් තිබ්බෙ කුුතුහලයක්.
"ඕක මගෙ නෙමේ..ඔය මොකද්ද..මං අහන්නෙ මොනවට ගන්න ටැබ්ලට් එකක්ද?"
ශකී ඇහුවම සන්දුල් හුස්මක් අරන් බෙහෙත් කාඩ් එක පොරගෙ අත් අස්සෙ හංගගත්තෙ ශකි දිහා බලල
"තමුසෙට කොහෙන්ද ඕයී මේක...මේක මේ ස්ට්‍රෙස් රීලිස් වෙන්න ගන්න එකක්...something like drug...ඕව'ඩෝස් ගත්තම මේකත් ඔය හෙරොයින් වගේම ඩ්‍රග් එකක්...වෛද්‍ය අනුමැතිය අනුව මේක මෙඩිසින් එකක් විදියට අපිත් පේශන්ට්ලට දෙනව..ඒකත් හරිම කල්පනාවෙන් අපි දෙන්නෙ "
YOU ARE READING
කබඩි
Teen Fictionමං මේ සිරා කියන්නෙ...මගෙ නෑනේ ඔය බොරු මරිසි.... ඌ වගේ කොල්ලෙක්ට කරගහන්න මං හීනෙකින්වත් හිතුවෙ නැ.... නිතර දේවෙලෙ දකින් උගෙ කිසිම විශේශයක් මට පෙනුනෙ නැ...ඒත් ඌට එහෙම වෙලා නෑ...මං උට ඒ තරන් ආස නැ..උ වගේ නාස්තිකාර රස්තියාදු ගහන කොල්ලෙක්ට මගෙ වැඩි කැමැත...